2012-03-04

දිනේෂ් චන්දිමාල්ගේ හද දිනූ ඉෂිකා


[ ලිව්වේ - මොරටුවෙ පජා ]

සීබී කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ වැඩිම අවදානයක් දිනාගත් යොවුන් ක‍්‍රීඩකයා වූයේ ශ‍්‍රී ලංකා නවක පිතිකරු දිනේෂ් චන්දිමාල්. තරගාවලිය තුල අති සාර්ථකත්වයක් පවත්වාගත් චන්දි අවස්ථා කිහිපයකදීම ශ‍්‍රි ලංකා කණ්ඩායම පරාජයෙන් මුදවාගන්නට සමත් වුනා.
මේ වන විට මුළු මහත් ශ‍්‍රි ලාංකීය කී‍්‍රඩා ලෝලීන්ගේ හදවත දීනු චන්දිගේ හදවත දිනා ගන්නට පුළුවන් වුනේ එකම එක වාසනාවන්තියකට විතරයි. ඒ ගාල්ල ඇල්පිටියේ පිටිගල පදිංචි ඉෂිකා සෙව්වන්දි ජයසේකරයි. ගාල්ල සංගමිත්තා බාලිකා විද්‍යාලයේ 2008 වර්ෂයේ උසස්පෙළ හැදෑරු  ඉෂිකා මේ වන විට කොළඹ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක වැඩිදුර අධ්‍යාපනය හදාරනවා. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වීම සදහා චන්දි හා මයික් හසී අතර පවතින සීතල යුද්ධය ජයගැනීමට චන්දිමාල්ට හැකි බව ඉෂිකාගේ දැඩි විශ්වාසයයි. ඇය ආදරයට ඔහුට කින්නෙ චන්දි කියලයි. ඒ නිසයි ඔහුට අපිත් ආදරයට ඒ නමම භාවිතා කරන්නෙ. කෙහොමවුනත් මේ දෙදෙනාගේ ආදරයට අපි සුභ පතනව අතිනත ගෙන පුංචි කැදැල්ලක් හදා ගන්න ඉක්මනින්ම ලැබෙන්න කියල. 

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites