2012-06-02

බංකොලොත් ක්‍රිකට් ආයතනයට නව ලේකම්වරියන්



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව බදවාගැනීම් කිහිපයක් සිදුකර තිබෙනවා. එහි විධායක කමිටුව පසුගියදා රැස්වී මෙම වනබදවාගැනීම් පිලිබද තීරණ ගෙන තිබෙනවා. නමුත් ක්‍රිකට් ආයතනයේ සේවකයින් ප්‍රමාණය අධික බවට පාර්ලිමේන්තු කෝප් වාර්තා කමිටුව මගින් පෙන්වා දී තිබුණා. එමෙන්ම සේවකයින්ගෙ වැටුප්ද ඉතා ඉහළ අගයක් ගැනීම ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අර්බූදය උග්‍ර කරන්නක් බවයි එහිදී පෙන්වා දී තිබුණේ. නමුත් එම නිර්දේශයන් ක්‍රිකට් ආයතනය නොසලකා ඇති ආකාරයක් මෙම නව බදවා ගැනීම් තුල පෙනෙන්නට තිබෙනවා.
 කෙසේ වෙතත් නව පත්වීම් තුලින් මානව සම්පත් අංශයට නව නිලධාරිනියන් දෙදෙනෙකු අනුයුක්ත කර තිබෙනවා. ඒ ඈන් ෆනෑන්ඩු සහ එස්.එන්.එස්. දුනුවිලයි. ඔවුන් සේවය සදහා බදවාගෙන ඇත්තේ මාසිකව රුපියල් 70,000 ක වැටුපකටයි.
ක්‍රිකට් ආයතනයේ මේ වන විට ලේකම්වරියන් 06 දෙනෙකු සේවය කරන බව පැවසෙනවා. නමුත් ඒ අතරට තවත් ලේකම්වරියන් දෙදෙනෙකු බදවාගෙන තිබෙනවා. ඒ කුෂානි රණවල සහ පී.පී. දිසානායකයි. ඔවුන්ට මාසිකව රුපියල් 60,000 ක වැටුපක් ලබා දීමට නියමිතයි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සදහා නව පුහුණුකාරියක්ද බදවාගෙන තිබෙනවා. ඇය දිනේන්ද්‍රා ජයසිංහයි. ඇයට ක්‍රිකට් ආයතනය මාසිකව රුපියල් 1 ලක්ෂ 60,000 ක් ලබා දීමට නියමිතයි.
ගිණුම් සහයකවරුන්ද දෙදෙනෙක්ද බදවා ගැනීමට කටයුතු කර තිබෙනවා. ඩබ්ලිව්.ප්‍රේමකුමාර , නුවන් පොල්ගම්පල එලෙස බදවාගත්තන් වනවා. ඔවුන්ට රුපියල් 29,500 බැගින් මාසික වැටුපක් ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites