freehitlanka.com
(2012-08-01)
නිලූක කරුණාරත්න ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ අද හොදම බැඩ්මින්ටන් ක්‍රීඩකයින් 18 දෙනා අතර තරගය සදහා පිවිසුනා. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ ඉන්දියාවේ කාශප් පරුපාලියි. මෙම තරගය වට දෙකට එකක් ලෙස ජය ගැනීමට සමත්වුනේ පරුපාලියි. පළමු තරගයේදී ලකුණු 21 ට 14 ක් ලෙස ජය ඉන්දීය ක්‍රීඩකයා දිනාගත්තා. දෙවන වටයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ නිලූක එම වටය ජය ගත්තේ ලකුණු 21 ට 15 ක් ලෙසයි. මෙම අවස්ථාවේ ක්‍රීඩකයින් දෙදෙනාටම තරගය විවෘත වුණා. නමුත් තෙවන වටයේදී නැවත වරක් විශේෂ උපක්‍රමයක් භාවිතා කරමින් ලකුණු 21 ට 09 ක් ලෙස ජය ගැනීමට පරුපාලි සමත්වුණා.
තරගයේ තීරණාත්මක වටය වූ තෙවන වටයේදී නිලූක පරාජයට හේතුව වූයේ ඔහුට උපදෙස් ලබා දීමට කිසිවකුත් නොමැතිවීම හේතුවෙන්. මෙම වටයේදී ඉන්දීය ක්‍රීඩකයාට උපදෙස් ලබා දීමට ඉන්දියාවේ ප්‍රධාන බැඩ්මින්ටන් පුහුණුකරු හා උප ප්‍රධාන පුහුණුකරු ක්‍රීඩා පිටිය තුල රැදී සිටියා. එම අවස්ථාවේ ඔවුන් නිලූකට එරහිව ලබා දුන් උපදේශය බවට පෙනෙන්නට තිබුනේ වේගවත් පහරවල් සෑම අවස්ථාවකම එල්ල කිරීමයි. නමුත් නිලූකට උපදෙස් ලබා දීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා පිටිය තුල සිටියේ ජාතික බැඩ්මින්ටන් සංගමයේ සභාපති පරාක්‍රම බස්නායක මහතා සහ නිලූකගේ අනුග්‍රාහකයායි. ඔවුන් දෙදෙනාම විහිලුවට හෝ බැඩ්මින්ටන් ක්‍රීඩා කළ අය නොවීම විශේෂත්වයක්. මේ අනුව ක්‍රීඩා පිටියේ හුදකලාව අසරණ වූ නිලූක පරාජය වැලද ගත්තා. මෙවැනි තරගාවලි සදහා සහභාගීවීමේදී වන්දනා නඩ ලෙස තවදුරටත් නිලධාරීන්ට සහභාගීවීමේ අවස්ථාව ලබා දෙන්නේද? ලෝකයා ඉදිරියේ ක්‍රීඩකයින් අසරණ කර රට හෑල්ලුවට ලක් කරන්නේද? ක්‍රීඩා ඇමතිවරයා මේ පිලිබද ගනු ලබන ක්‍රියාමාර්ග දෙස රටම විමසිල්ලෙන්.









0 comments:
Post a Comment