2012-08-28

ශ්‍රී ලංකාව ජපානය පරදවයි



8 වන ආසියාතික දැල්පන්දු ශූරතාවලියේ සිව්වන දිනයේ (28) දින පැවති ශ්‍රී ලංකාව - ජපානය අතර තරඟයෙන් ජපානය පරදවා ලකුණු 110 - 08 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත්වූ බව 8 වන ආසියානු දැල්පන්දු ශූරතාවලියේ මාධ්‍ය මධ්‍යස්ථානය අවධාරණය කරයි.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (28 දින) ශ්‍රී ලංකාව හා ජපානය අතර පැවති වට හතරකින් සමන්විත දැල්පන්දු තරඟයේදී ශ්‍රී ලංකාව  ලකුණු 110 ක් වාර්තා කළ අතර, ජපානයට  වාර්තා කිරීමට හැකිවූයේ ලකුණු 08 ක් පමණි.
ශ්‍රී ලංකාව පළමු වටයේදී ලකුණු 29 - 00 ක් වශයෙන් ජපන් කණ්ඩායම පරාජය කළ අතර, දෙවන වටයේදී ලකුණු 27 - 01 ක් වශයෙන්ද, තෙවන වටයේ ලකුණු 30 - 02 ක් වශයෙන් හා සිව්වන වටයේ 24 - 05 ක් වශයෙන්ද, ජයග්‍රහණයක් අත්පත් කර ගනිමින් සමස්ථ තරඟයේ ලකුණු 110 - 08 ක් වශයෙන් ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට සමත් වී තිබේ.
මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා තර්ජනී සිංවලිංගම් ක්‍රීඩිකාව ගෝල විදීමේදී දක්වන ලද සුවිශේෂී දක්ෂතාවය මෙම තරඟාවලියේදී කැපී පෙනුණ අතර, ඇය සමස්ථ තරඟයෙන් ඇයට ලැබුණු ගෝල විදීමේ 56 න් 52 ක්ම ගෝල බවට පත්කර ගැනීමට සමත් වූ අතර ටී.අල්ගම ක්‍රීඩිකාව තමාට ලැබුණු ගෝල විදීමේ අවස්ථා 51 න් 47 ම ගෝල බවට පත්කර ගැනීමට සමත් විය.

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites