freehitlanka.com
මාධ්‍ය මධ්‍යස්ථානය
8 වන ආසියාතික දැල්පන්දු ශූරතාවලියේ පස්වන දිනයේ (29) දින පෙරවරුවේ පැවති තරඟයෙන් ජපානය පරදවා ලකුණු 61 - 22 ක ජයක් වාර්තා කිරීමට හොංකොං දැල්පන්දු කණ්ඩායම සමත්වූ බව 8 වන ආසියානු දැල්පන්දු ශූරතාවලියේ මාධ්‍ය මධ්‍යස්ථානය අවධාරණය කරයි.
මෙම තරඟයේ හොංකොං කණ්ඩායමේ Krystle Edwards ක්‍රීඩිකාව තමාට ලැබුණු ගෝල විදීමේ අවස්ථා 31 න් 26 ක් ගෝල බවට පත්කර ගැනීමට සමත් වූ අතර, ජපන් කණ්ඩායමේ Ruri Kanbe ක්‍රීඩිකාව තමාට ලැබුණු ගෝල විදීමේ අවස්ථා 11 න් 10 ක්ම ගෝල කර ගැනීමට සමත් වූ බව 8 වන ආසියානු දැල්පන්දු ශූරතාවලියේ මාධ්‍ය මධ්‍යස්ථානය අවධාරණය කරයි.
නේපාලය පරදවා ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහණය කරයි.
මාධ්‍ය මධ්‍යස්ථානය
8 වන ආසියාතික දැල්පන්දු ශූරතාවලියේ පස්වන දිනයේ (29) දින පස්වරුවේ පැවති තරඟයෙන් නේපාලය පරදවා ලකුණු 83 - 15 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියානු දැල්පන්දු කණ්ඩායම සමත්වූ බව 8 වන ආසියානු දැල්පන්දු ශූරතාවලියේ මාධ්‍ය මධ්‍යස්ථානය අවධාරණය කරයි.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (29 දින) ඉන්දියාව හා නේපාලය අතර පැවති වට හතරකින් සමන්විත දැල්පන්දු තරඟයේදී ඉන්දියාව ලකුණු 83 ක් වාර්තා කළ අතර, නේපාල කණ්ඩායමට වාර්තා කිරීමට හැකිවූයේ ලකුණු 15 ක් පමණි.
මෙම තරඟයේ ඉන්දියානු කණ්ඩායමේ Rupender ක්‍රීඩිකාව තමාට ලැබුණු ගෝල විදීමේ අවස්ථා 38 න් 36 ක් ගෝලබවට පත්කර ගැනීමට සමත් වූ 8 වන ආසියානු දැල්පන්දු ශූරතාවලියේ මාධ්‍ය මධ්‍යස්ථානය අවධාරණය කරයි.
බෘනායි පරදවා මැලේසියානු දැල් පන්දු කණ්ඩායම ජයග්‍රහණය කරයි
මාධ්‍ය මධ්‍යස්ථානය
8 වන ආසියාතික දැල්පන්දු ශූරතාවලියේ පස්වන දිනයේ (29) දින පස්වරුවේ පැවති තරඟයෙන් බෘනායි පරදවා ලකුණු 72 - 11 ක ජයක් වාර්තා කිරීමට මැලේසියානු දැල්පන්දු කණ්ඩායම සමත්වූ බව 8 වන ආසියානු දැල්පන්දු ශූරතාවලියේ මාධ්‍ය මධ්‍යස්ථානය අවධාරණය කරයි.
මෙම තරඟයේ මැලේසියානු කණ්ඩායමේ N. Ezzaini ක්‍රීඩිකාව තමාට ලැබුණු ගෝල විදීමේ අවස්ථා 47 න් 38 ක් ගෝලබවට පත්කර ගැනීමට සමත් වූ අතර, බෘනායි දැල්පන්දු කණ්ඩායමේ Nuratkah ක්‍රීඩිකාව තමාට ලැබුණු ගෝල විදීමේ අවස්ථා 09 න් 07 ක්ම ගෝල බවට පත්කර ගැනීමට සමත් වූ බව 8 වන ආසියානු දැල්පන්දු ශූරතාවලියේ මාධ්‍ය මධ්‍යස්ථානය අවධාරණය කරයි.
පාකිස්ථානය පරදවා මාලදිවයින් දැල් පන්දු කණ්ඩායම ජයග්‍රහණය කරයි
මාධ්‍ය මධ්‍යස්ථානය
8 වන ආසියාතික දැල්පන්දු ශූරතාවලියේ පස්වන දිනයේ (29) දින පස්වරුවේ පැවති තරඟයෙන් පාකිස්ථානය පරදවා ලකුණු 87 - 17 ක ජයක් වාර්තා කිරීමට මාලදිවයින් දැල්පන්දු කණ්ඩායම සමත්වූ බව 8 වන ආසියානු දැල්පන්දු ශූරතාවලියේ මාධ්‍ය මධ්‍යස්ථානය අවධාරණය කරයි.
මෙම තරඟයේ මාලදිවයින් කණ්ඩායමේ E.Abdul Satter ක්‍රීඩිකාව තමාට ලැබුණු ගෝල විදීමේ අවස්ථා 52 න් 47 ක්ම ගෝල බවට පත්කර ගැනීමට සමත් වූ අතර, පාකිස්ථානු දැල්පන්දු කණ්ඩායමේ Qurattulain ක්‍රීඩිකාව තමාට ලැබුණුගෝල විදීමේ අවස්ථා 19 න් 12 ක්ම ගෝල බවට පත්කර ගැනීමට සමත් වූ බව 8 වන ආසියානු දැල්පන්දු ශූරතාවලියේ මාධ්‍ය මධ්‍යස්ථානය අවධාරණය කරයි.









0 comments:
Post a Comment