freehitlanka.com
(2012 අගෝස්තු මස 29 වැනිදා)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලොක්කන් මේ වන විට වෙනත් රැකියා සොයමින් ඇති බවට වාර්තා වනවාලු. මේ අනුව ක්‍රිකට් ආයතනයේ ලොක්කන් මෙලෙස වෙනත් රැකියා සොයමින් යන පළමු වකවානුව බවටද පත් වනවාලු. කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයට මෙමගින් ඇතැම් විට වාසියක් සැලසෙනු ඇතිලු. ඒ ක්‍රිකට් ආයතනය බංකොලොත් වන තුරු රැගෙන ගිය නිලධාරීන් පිටමං වීම හේතුවෙන්ලු.
ක්‍රිකට් ආයතනයේ පරිපාලන කළමණාකරු මේ වන විට එම දූරයෙන් සමු ගන්නා බවට වාර්තා වනවාලු. ඔහු පසුගිය සතියේ අරාබියේ රැකියාවක් සදහා සම්මුඛ පරීක්ෂණ සදහා ගොස් ඇතැයි සදහන්ලු. එහිදී සම්මුඛ පරීක්ෂණයෙන් සමත්ව රැකියාව ඔහුට හිමිවී තිබෙනනවාලු. මේ අනුව ඔහු ඉදිරියේදී ක්‍රිකට් ආයතනය හැරදා යනු ඇතිලු. ක්‍රිකට් ආයතනයේ අනවශ්‍ය ලෙස සේවකයින් සිටින බවට පසුගියදා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියාලු. ක්‍රිකට් ආයතනයට නිලධාරීන් බදවා ගැනීම සම්භන්ධයෙන් වගකියනු ලබන්නේ පරිපාලන කළමණාකරුයිලු. මෙලෙස ඔහු ක්‍රිකට් ආයතනයෙන් නික්ම යාම හේතුවෙන් ක්‍රිකට් ආයතනයට එක් සේවකයකුගෙන් නිදහස් වීමේ හැකියාව පවතිනවාලු. නමුත් හෙට ඔහු වෙනුවට අනෙක් ලොක්කන්ගේ සොක්කන් දාන්නට පොරකෑමට ඉඩක් පවතිනවාලු. ඒ අතර සියල්ලන්ටම කොකා පෙන්වමින් මේ ලිපිය දුටු විට ක්‍රීඩා ඇමතිතුමා කාව හරි නාවලපිටියෙන් එවන්නත් ඉඩ කඩ පවතිනවාලු.









0 comments:
Post a Comment