2012-08-27

නඩුයි බඩුයි නොකෑ කෙසෙල් __කලා නිදොස් !


freehitlanka.com
(2012 අ‌ගෝස්තු මස 27 වැනිදා) 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරියක් සහ ප්‍රිමිය ලීග් කාර්යයාලයේ අධ්‍යක්ෂකවරයෙක් පසුගියදා කෙසෙල් කා හසුවිය. ඒ ක්‍රිකට් ආයතනයේ සුලු සේවකයකුටයි. මීට දින කිහිපයකට පෙර කෙසෙල් ලෙලි කුණු බක්කිවල තිබෙන බව සුලු සේවකයින්ට කීවේද ආයතනයේ පිරිසිදු කරන්නෙකි. මේ හේතුවෙන් ඇස ගසාගෙන සිටීමේ ප්‍රතිඵලයක් ලෙස රේන් කෝට් වැස්සට පෙර අදින බව මෙම සේවකයා දැක ඇත. මේ අනුව ඔහු දුටු දේ කියා සෙසු සගයන්ටද පවසා ඇත. එය වැඩි වේලාවක් නොගොස් මාධ්‍යවේදීන්ගේ කණ්වලටද වැටින. මේ හේතුවෙන් පසු දින ක්‍රීඩා පිටු පිරුණේ ක්‍රිකට් ආයතනය තුල ලිංගික අපචාරයක් සිදුවී ඇති බව දක්වමිනුයි. මේ හේතුවෙන් ක්‍රිකට් ආයතනය හදිසි විධායක කමිටු රැස්වීමක් කැදවා සිදුවීම පිලිබද පරීක්ෂා කිරීමට විනය කමිටුවට බාර දෙන ලදී. එහි ප්‍රධානියා ලෙස නම් කරනු ලැබුවේ චන්න වීරක්කොඩි මහතාවයි.
පරීක්ෂණය අවසන් කර මේ වන විට ප්‍රතිඵල ක්‍රිකට් ආයතනයට ලබා දී ඇත. හරි පුදුම ප්‍රතිඵලයක් ලැබී ඇත. ක්‍රියාවේ යෙදුන අය සහ දුටු සාක්ෂිකරු නිදොස්කොට නිදහස් කර ඇත. මෙම වාර්තාවට අනුව සාක්ෂිකරුද සිට ඇත්තේ වරදකරුවන්ගේ ගොඩේය. ඊට හේතුව ඔහු මෙය දැක නොදැක්කා වාගේ නොගොස් තැත තැන කට මැත දෙඩවීමය. කෙසේ හෝ නිරුවත් වී තිබූ කයට රෙදි ඇන්දවීමට සියල්ලන්ටම සිදු විය. ඒ සියළුදෙනා කෙසෙල් කා ඇති නිසා තම තම කිල්ලෝට වල හුණු එලියට ඒම වලකාගැනීමට විය යුතුය.
 පෙර ලිපි

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites