freehitlanka.com
(2012 අගෝස්තු මස 18 වැනිදා)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල ලිංගික අපචාරයක් සිදුවී ඇත්දැයි සොයා බැලීම සදහා එහි විනය කමිටුවට භාරදීමට විධායක කමිටුව තීරණය කර තිබෙනවා. ක්‍රිකට් ආයතනයේ ලේකම්වරියක් සහ ප්‍රිමිය ලීග් කාර්යයාලයේ ඉන්දීය ජාතිකයකු අතර මෙම සිදුවීම වී ඇතැයි අප පළමුව වාර්තා කළා. මේ පිලිබදව සොයා බැලීම සදහා ක්‍රිකට් විධායක කමිටුව අද උදෑසන විශේෂ රැස්වීමක් පැවැත්වූවා. එහිදී තීරණය වී ඇත්තේ මේ පිලිබදව සොයා බැලීම සදහා විනය කමිටුවට භාරදීමටයි.
ක්‍රිකට් විධායක කමිටු සාමාජික චන්න වීරක්කොඩි මහතාට ඒ පිලිබදව කටයුතු කිරීමේ වගකීම පවරා ඇතැයි සදහන්. එමෙන්ම සිදුවීම පිලිබද සවිස්තර වාර්තාවක් විධායක කමිටුවට ලබන 27 වැනිදාට පෙර ලබා දෙන ලෙසටද උපදෙස් ලබා දී තිබෙනවා. මෙම ලිංගික අපචාරය ක්‍රිකට් ආයතනයට කැලලක් බවයි විධායක කමිටුව තීරණය කර ඇත්තේ. එවැන්නක් සිදුවී ඇතැයි ඔප්පු වුවහොත් දැඩි දඩුවම් ලබා දෙන බවටද ප්‍රකාශ කර තිබෙනවා. නමුත් මෙම සිදුවීම ඔප්පු වුවහොත් එය කැලලක් විය හැකි වීම හේතුවෙන් සිද්ධිය යට ගැසීමට තීරණය කර තිබෙනවා. ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව නියෝජනය කරනු ලබන්නේ පාලිත කුමාරසිංහ , සී. අඹේගුණවර්ධන, එච්.රෝහනදීර සහ දිනාල් පිලිප්ස් යන අයයි. එමෙන්ම මෙලෙස ලේකම්වරියන් සමග සම්භන්ධතා ගොඩ නගා ගැනීම තුලින් ක්‍රිකට් ආයතනයේ රහස්‍ය තොරතුරු පිටතට යන බවටද සැක මතුව තිබෙනවා. ඒ පිලිබදව ඉදිරියේදී සැලකිලිමත් වීමට ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇතැයි සදහන්.
පෙර ලිපි









0 comments:
Post a Comment