2012-09-27

ක්‍රීඩා අමාත්‍යංශයට අනුග්‍රාහක බැංකු පටලැවේ


freehitlanka.com 
(2012 සැප්තැම්බර් මස27 වැනිදා) ක්‍රීඩා අමාත්‍යංශය මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට අදාලව අද පැයක් ඇතුලත නිවරදිකිරීම් තුනක් ලබා දී තිබෙනවා. මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරනු ලැබුවේ මලල ක්‍රීඩාව දියුණු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් දැකපු ඉතිහාසයේ පළමු වතාව මෙයයි යනුවෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ උප සභාපති සුනිල් ජයවීර ප්‍රකාශ කළ බව දක්වමිනුයි. මෙහි දෙවන නිවරදිකිරීම අප පළ කරනු ලැබුවා.
එහෙත් එම පළ කිරීමත් සමග තවත් නිවරදිකිරීමක් යොමු කර තිබෙනවා. එම නිවරදිකිරීමට අනුව අනුග්‍රාහකත්වය දක්වන ලද බැංකුව ක්‍රීඩා අමාත්‍යංශයට පැටලී ඇතැයි සදහන්. මෙහි පළමු යොමුව මෙසේයි.
1.     සියලුම ජාතික සංචිතවලට නේවාසික පුහුණුවීම්වලදී උපරිම පහසුකම් ලබාදෙනවා. මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට අනුග්‍රහකයෙකු සිටියේ නැහැ. නමුත් මහජන බැංකුවේ ලක්ෂ 230 ක් වසරකට දැන් ලබාදෙනවා. තව මාස 03 කින් මලල ක්‍රීඩා සංචිතයේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකුට මහජන බැංකුවේ රැකියා ලබා දීමටද කටයුතු කරනවා.
2.     සියලුම ජාතික සංචිතවලට නේවාසික පුහුණුවීම්වලදී උපරිම පහසුකම් ලබාදෙනවා. මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට අනුග්‍රහකයෙකු සිටියේ නැහැ. නමුත් ලංකා බැංකුවේ ලක්ෂ 230 ක් වසරකට දැන් ලබාදෙනවා. තව මාස 03 කින් මලල ක්‍රීඩා සංචිතයේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකුට ලංකා බැංකුවේ රැකියා ලබා දීමටද කටයුතු කරනවා.

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites