freehitlanka.com
(2012 සැප්තැම්බර් මස 17 වැනිදා) ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා චීන රජයේ ක්‍රීඩා අමාත්‍ය, චීන ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති Liu Peng මහතා ඇතුළු චීනයේ විශේෂ දූත පිරිසක් සැප්තැම්බර් මස 23 දින ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ චීනය බොහෝ ක්‍රීඩා ඉසව්වලින් පදක්කම්ලාභීත්වයෙන් හා තරඟකාරීත්වයෙන් ඉදිරියෙන් සිටින අතර, චීනයේ ක්‍රීඩා දැනුම හා අත්දැකීම් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට සෑම අතින්ම වැදගත් වන බැවින්, ක්‍රීඩකයින් පුහුණු කිරීම, පුහුණුකරුවන්ට වැඩිදුර පුහුණුව ලබා ගැනීම, විදේශ පුහුණුකරුවන් ගෙන්වා ගැනීම, පළාත්බද ක්‍රීඩා සංකීර්ණවලට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබාගැනීම මෙම නිල සංචාරයේදී චීන ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඝෘජු අවධානය යොමු කරවමින් ලබාගැනීමට අපේක්ෂා කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
ආසියාවේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශේෂ පුහුණුවීම් සඳහා යෝග්‍ය ප්‍රදේශයක් වන නුවරඑළියේ ඉහළ උන්නතාංශ මලල ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් (HighAltitude Training Centre) ඉදිකිරීම සම්බන්ධව මෙහිදී විදේශ ආධාර ලබාගැනීමටද ක්‍රීඩා අමාත්‍යාංශය අපේක්ෂා කරන අතර, චීනය සමඟ ක්‍රීඩා සංවර්ධනය පිළිබඳ දිගු කාලීන සහයෝගීතා වැඩපිළිවෙලක් දියත් කිරීම පිළිබඳවද මෙම සංචාරයේදී කටයුතු කරනු ඇතැයි ක්‍රීඩා අමත්‍යාංශය පවසයි.
මෙම සංචාරය සඳහා චීන ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හා චීන ඔලිම්පික් කමිටුවේ මහලේකම් Song Luzeng, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Ni Huizhong, බීජිං නාගරික ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් Li Yingchuan, නාගරික ක්‍රීඩා පරිපාලන අධ්‍යක්ෂ ජනරාල් Wu Jianhua හා විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා Song Xueying යන මහත්ම මහත්මීන් පිරිසක් මෙම සංචාරයට එක්වෙනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.









0 comments:
Post a Comment