freehitlanka.com
(2012
සැප්තැම්බර් මස 24 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක ඇන්ජලෝ මැතිව්ස්
සහ අජන්ත මෙන්ඩිස් අද රෝහල් ගතකර තිබෙනවා. ඒ
ආබාදයන්ට ලක්වීම හේතුවෙන්. මෙන්ඩිස් මාස 09 ක කාලයක් ආබාද හේතුවෙන් කණ්ඩායමෙන්
ඉවත්ව සිටියා. නැවත ඔහු කණ්ඩායමට එක්වූයේ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන
තරගාවලිය සදහායි. එහි පළමු තරගයට ක්‍රීඩා කරමින් ඔහු සිම්බාබ්වේට
එරහිව නව ලෝක වාර්තාවක් තැබුවා. ඒ ලකුණු 08 කට කඩුළු 06 ක් බිද දමමින්. එහෙත්
තරගයෙන් පසු ඔහු ආබාදයකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් පසුගිය දකුණු අප්‍රිකාව සමග
තරගයට මෙන්ඩිස් ක්‍රීඩා කරනු ලැබුවේද නැහැ. මහේල කියා සිටියේ විවේකයක් ලබා දීම
සදහා මෙන්ඩිස් තරගයට ඇතුලත් කර නොගත් බවයි.
එම දකුණු අප්‍රිකා
තරගය පැවතියේ පන්දුවාර 07 බැගින් වූ තරගයක් ලෙසයි. එම තරගයේදී උප නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාදයකට ලක්ව තිබෙනවා. මේ
හේතුවෙන් ක්‍රීඩකයින් දෙදෙනාවම අද වැඩිදුර ප්‍රතිකාර සදහා යොමු කර තිබෙනවා. ක්‍රීඩකයින්
දෙදෙනාගේම එම්.ආර්.අයි පරීක්ෂණ සිදු කරන බවයි
වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ ආබාද තත්වයන් එතරම් බරපතල නොවන බවද
සදහන්. මේ අනුව ඉදිරි දින කිහිපයේදී ඔවුන් සම්පූර්ණ සුවය ලබනු ඇති බවයි ක්‍රිකට්
ආයතනයේ විශ්වාසය වී ඇත්තේ. එමෙන්ම කණ්ඩායමේ අද දින
පුහුණුවීම්ද අතහැර දැමීමට තීරණය කර තිබෙනවා. ඒ ක්‍රීඩකයින්ට
විවේකයක් ලබා දීම සදහායි.









0 comments:
Post a Comment