freehitlanka.com
(2012
සැප්තැම්බර් මස 30වැනිදා) පන්දුවාර 20 යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන
තරගාවලියෙන් අද ශ්‍රී ලංකාව ඉවතට විසිවුණා. ඒ නවසීලන්තය සමග පැවති තරගය කඩුළු 08
කින් පරාජයට පත් වීමත් සමගයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට
පහරදීමට ශ්‍රී ලංකාව තීරණය කළා. මේ අනුව ඔවුන්ට ලබා ගත හැකි වූයේ සියළුදෙනා දැවී
ලකුණු 89 ක් පමණයි. එහිදී වැඩිම ලකුණු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට හිමිවුයේ අතිරේක
ලකුණුවලින් වීම විශේෂත්වයක්. එලෙස ලකුණු 19 ක් නවසීලන්ත ක්‍රීඩිකාවන් පරිත්‍යාග
කරනු ලැබුවා. කෙසේ වෙතත් කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකට ලකුණු 14 සීමාවෙන් ඔබ්බට
ගමන්කළ හැකිවූයේ නැහැ.
පිලිතුරු ඉනිම
ක්‍රීඩා කළ නවසීලන්තය කඩුළු 02 ක් පමණක් දැවී තිබියදී තරගයේ ජයග්‍රහණය වාර්තා
කිරීමට සමත්වුණා. මේ අනුව නවසීලන්තය තරගාවලියේ අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලබා
ගත්තා. ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ බී කාණ්ඩයෙන් අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලබා
ගත් අනෙක් රට බවට පත්වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. ඒ කාණ්ඩයෙන් අවසන් පූර්ව
තරග සදහා සුදුසුකම් ලබා ගන්නා රටවල් හෙට පැවැත්වෙන තරග වලින් පසුව තීරණය වීමට
නියමිතයි. මෙම තරග පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීයි.









0 comments:
Post a Comment