freehitlanka.com
(ක්‍රීඩා
අමාත්‍යංශය) ශ්‍රී ලංකාවේ ක්‍රීඩා
ක්ෂේත්‍රයේ දියුණුවට චීනය හා ශ්‍රී ලංකාව අතර 2008 දී අත්සන් කළ ද්විපාර්ශවික
ගිවිසුම අනුව සහයෝගය ලබා දීමට කටයුතු කරන බව දිවයිනට පැමිණ සිටින චීන ක්‍රීඩා
අමාත්‍ය Liu
Peng මහතා
(අද) පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා
හමු වී පැවැති සාකච්ඡාවේදී මේ බව අවධාරණය කළ බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකාවේ ආරාධනයක්
අනුව පැමිණි චීනයේ ක්‍රීඩා අමාත්‍යතුමන් ඇතුළු නියෝජිත පිරිස පිළිගැනීමේ විශේෂ
උත්සවයක් අද පෙරවරුවේ ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විය.
චීනයේ ක්‍රීඩා අමාත්‍ය Liu
Peng මහතා
සමඟ විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් හා චීන ඔලිම්පික් කමිටුවේ ලේකම් song
Luzeng, නියෝජ්‍ය
අධ්‍යක්ෂ ජනරාල් Ni Huizhong, බීජිං
නාගරික ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් Li Yingchuan,නාගරික
ක්‍රීඩා පරිපාලන අධ්‍යක්ෂ ජනරාල් Wu jianhua හා
විදේශ කටයුතු අමාත්‍යංශයේ ජාත්‍යන්තර කටයුතු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා song
xueying යන
මහත්ම මහත්මීන්ගෙන් සමන්විත චීන නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
මෙහිදී ශ්‍රී ලංකාවේ
මලල ක්‍රීඩා, පිහිනුම්, වුෂූ,වෙඩි
තැබීම, බැඩ්ම්න්ටන්, ටේබල්
ටෙනිස් යන ක්‍රීඩා 06 දියුණු කිරීම සඳහා චීනයෙන් පුහුණුකරුවන් ගෙන්වා ගැනීම
පිළිබඳව ඉදිරිපත් කළ ඉල්ලීමට චීනයේ ක්‍රීඩා අමාත්‍යංශයේ පූර්ණ එකඟතාවය පළ වූ
බැවින්, පුහුණුකරුවන්
ගෙන්වා ගැනීම සඳහා ව්‍යාපෘතිය දෙරටේ ක්‍රීඩා අමාත්‍යංශය විසින් ඉදිරි කාලපරිච්ඡේයේ
දී ඉටු කරන බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
චීනය හා ශ්‍රී ලංකාව
අතර අත්සන් කළ ද්විපාර්ශවික ක්‍රීඩා ගිවිසුම අනුව මෙම වසර අවසාන වීමට ප්‍රථම චීනයේ
විදේශ හා වාණිජ කටයුතු අමාත්‍යංශය මගින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ පරිහරණය
සඳහා ක්‍රීඩා උපකරණ තොගයක් ලබා දීමට පියවර ගෙන ඇති බවද මෙහිදී චීන ක්‍රීඩා අමාත්‍ය Liu
Peng මහතා
මෙහිදී අවධාරණය කළේය.
මලල ක්‍රීඩා පුහුණුවීම
සඳහා භූගොලීය වශයෙන් ආසියාවේ හොඳම ස්ථානයක් වන නුවරඑළියේ ඉහළ උන්නතාංශ මලල ක්‍රීඩා
පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීම පිළිබඳව චීන ආධාර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව
ඉදිරිපත් කළ ව්‍යාපෘතිය පිළිබඳව ද චීන ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර, එය
චීනයේ විදේශ හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යංශය සමඟ සාකච්ඡා කිරීමට නියමිත යැයි ක්‍රීඩා
අමාත්‍යංශය අවධාරණය කරයි.
මෙම අවස්ථාවට ක්‍රීඩා
අමාත්‍යංශයේ ලේකම් අනුර ජයවික්‍රම, අතිරේක
ලේකම් පාලන ආර්. පී.ආර්.අමරසිංහ මහත්මිය,ක්‍රීඩා
අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය,ක්‍රීඩා
අධ්‍යක්ෂ ශාන්ත වීරසිංහ මහතා, ක්‍රීඩා
වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා හා සුගතදාස ක්‍රීඩා
සංකීර්ණ අධිකාරියේ
සභාපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත සමරතුංග යන මහත්ම මහත්මීන් පිරිසක් එක් වූහ.









0 comments:
Post a Comment