freehitlanka.com
(2012
සැප්තැම්බර් මස29 වැනිදා) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බටහිර
ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරහිව කඩුළු 09 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද
සමත්වුණා. තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන්නේ බටහිර ඉන්දීය කොදෙව්
කණ්ඩායමයි. ඔවුන්ගේ ආරම්භක පිතිකරු යුගලයට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්
ඉඩ ලබා දුන්නේ නැහැ. මේ අනුව චාර්ලස් ලකුණු 12 ක් ලබා පිටියෙන් ඉවත් වද්දී ක්‍රිස්
ගේල් ලකුණු 02 ක් ලබා දැවී ගියා. මාලන් සැමුවෙල් ලකුණු 50ක් ලබා ගනිමින් ඉනිම
ශක්තිමත් කරනු ලැබුවා. ඔහුට අනෙක් අන්තයෙන් සහය ලබා දුන් ඩේවියන් බ්‍රොවෝ ලකුණු 40
ක් ලබා ගත්තා. පන්දුවාර 20 අවසානයේ ඔවුන් කඩුළු 05 ක් දැවී ලබාගත්තේ ලකුණු 129 ක්
පමණයි. අජන්ත මෙන්ඩිස් අනගි පන්දුයැවීමක නිරතවෙමින් පන්දුවාර 4 ක් තුල නිලකුණු
පන්දුවාරයක් ද සමගින් ලකුණු 12 ක් ලබා දී කඩුළු 02 ක් දවා ගැනීමට සමත්වුණා.
පිලිතුරු ඉනිම
ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 13 ක් ලබා
සිටියදී දැවී ගියා. අනතුරුව පිටියේ එක්වූ මහේල ජයවර්ධන නොදැවී ලකුණු 65 ක් සහ
කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 39 ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරා කැදවාගෙන
ගියා. මේ අනුව තරගයේ වීරයා බවට පත්වුයේ මහේල ජයවර්ධනයි.
මේ අතර
නවසීලන්තය සමග පැවති තරගයේදී ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්තය සමත්වුණා. පළමුව
පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුළු 06 ක් දැවී ලකුණු 148 ක් ලබා ගත්තා. පිලිතුරු ලෙස
ලකුණු 149 ක් ලබා එංගලන්තය ජයග්‍රහණය වාර්තා කරනු ලැබුවේ කඩුළු 04 ක් පමණක් දැවී
තිබියදීයි. හෙට තවත් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. එහි පළමු තරගය පැවැත්වෙන්නේ
ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සමගයි. දෙවන තරගය ඉන්දියාව සහ පකිස්ථානය අතර
පැවැත්වෙනවා. මෙම තරග පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදීයි.









0 comments:
Post a Comment