freehitlanka.com
(2012
සැප්තැම්බර් මස29 වැනිදා) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ
නවසීලන්ත කණ්ඩායම කඩුළු 06 කින් පරදවමින් ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්තය අද
සමත්වුණා. මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුළු
06 ක් දැවී ලකුණු 148 ක් ලබා ගත්තා. පළමු කඩුළු 04 ලකුණු 67 කදී දැවී ගොස්
තිබියදී පිටියට පිවිසි ජේම්ස් ෆෑන්ක්ලීන් ලකුණු 50 ක් ලබා ගත්තා. ස්ටීවන් ෆින්
කඩුළු 03 ක් බිද දැමීමට සමත්වුණා.
පිලිතුරු ඉනිම
ක්‍රීඩා කළ එංගලන්තයේ පළමු කඩුළු 02 ලකුණු 38 ක්ව තිබියදී දැවී ගියා. අනතුරුව
පිටියට පිවිසි ලේක් වයිට් සහ ඉයන් මෝගන් ලකුණු 89 ක සම්බන්දතාවක් ගොඩ නගනු ලැබුවා.
තරගයේ වීරයා වූ ලේක් වයිටි ලකුණු 76 ක් ලබා ගනිමින් ජයග්‍රහනයේ නියමුවා වූවා. මේ
අනුව නියමිත ඉලක්කය වූ ලකුණු 149 කඩුළු 04 ක් පමණක් දැවී තිබියදී ලබා ගැනීමට
එංගලන්තයට හැකිවුණා. එම ජයග්‍රහණයත් සමග නවසීලන්ත කණ්ඩායමට අවසන් පූර්ව තරග සදහා
සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමිවී යනවා. තරගය පැවැත්වූනේ පල්ලෙකැලේ ජාත්‍යන්තර
ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීයි.









0 comments:
Post a Comment