2012-09-20

ලෝක කුසලානයේ ආසන වෙන් කිරීම උපන් ගෙයිම මියදෙයි


freehitlanka.com
(2012 සැප්තැම්බර් මස 20 වැනිදා) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ප්‍රේක්ෂකයින් සදහා ආසන වෙන් කිරීමේ උත්සාහය අසාර්ථක වී තිබෙනවා. තරග ප්‍රවේශ පත්‍රයට අදාලව අංකයක් මුද්‍රණය කරණු ලැබුවා. එහෙත් එම අංකයට අධාලව ආසනවල අසුන් පැනවීමටයි ලෝක කුසලාන ක්‍රිකට් කාර්යයාලය කටයුතු කළේ. මෙලෙස ආසන වෙන් කිරීම සදහා ප්‍රවේශ පත්‍රයේ අංකයක් මුද්‍රණය කරනු ලැබූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වනවා. මෙලෙස ආසනවල අසුන් ගැනීම සදහා ස්වේච්ජා සේවකයින්ද යොදවනු ලැබුවා. එහෙත් ප්‍රේක්ෂකයින් මෙම නීතිය අනුගමනය නොකරන බවටයි වාර්තා වන්නේ.
තරග නැරඹීමට පැමිණෙන අවස්ථාවලදී නලා ගෙන ඒමෙන් වලකින ලෙස නිති පැනවීම හේතුවෙන් පිටිය පාලු ස්වභාවයක් ගෙන තිබෙනවා. එමෙන්ම චීය ලීඩර්ස් නොහොත් තරග දිරිගන්වන්නියන් ලෙස යොදවා ඇති තරුණියන් පිලිබදවද මේ වන විට බොහෝ දෙනා කථා බහ කරනු ලබනවා. ඒ ඔවුන් වේදිකාව මත නර්ථන අංගයන් ඉදිරිපත් කිරීම හේතුවෙන්. සාමාන්‍යයෙන් තරග දිරිගන්වන්නියන් සදහා වෙනම කලාවක් පවතිනවා. එහෙත් මෙවර යොදාගෙන ඇති තරග දිරිගන්වන්නියන් ඒ පිලිබදව නොදන්නා බවයි පෙනී යන්නේ.

1 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites