2012-09-19

ඇෆ්ගනිස්ථාන මරාගෙන මැරෙන ප්‍රහාරය හමුවේ ඉන්දියාව නිරුවත රැක ගනී


freehitlanka.com 
(2012 සැප්තැම්බර් මස 19 වැනිදා) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තියුණු ජයක් ලැබීමට ඉන්දියාව අද සමත්වුණා. ඒ ඇෆ්ගනිස්ථානයට එරහිවයි. තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට ඇෆ්ගනිස්ථනය තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05 ක් දැවී ලකුණු 159 ක් ලබා ගත්තා. මෙහිදී ලබා දුන් පහසු උඩපන්දු තුනක් ඇෆ්ගනිස්ථානය අතින් ගිලිහීයාම තරගයේ තීරණයට සෘජුවම බලපෑ සාදකය වුණා. එමෙන්ම ඇෆ්ගනිස්ථානයේ කඩුළු රකින ක්‍රීඩක මොහොමඩ් අසාඩ් ආබාධයකට ලක්වූ අතර මේ හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත්වුණා. අනතුරුව කඩුළු රැකීමේ වගකීම භාරගනු ලැබුවේ කරීම් සාදික් ක්‍රීඩකයායි. කෙසේ වෙතත් විරාට් කෝලි ලකුණු 50 ක් ලබා ගනිමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කරනු ලැබුවා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය විශිෂ්ඨ අභියෝගයක් එල්ල කරනු ලැබුවා. මේ හේතුවෙන් වටක් තරගය අතරහැර දැමූ ආරකාරයෙන් ඉන්දියාව ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබෙනව බවද විචාරකයින් කියා සිටියා. එහෙත් ඇෆ්ගනිස්ථාන ඉනිම කඩා ඉහිරුවීමට සමත්වූයේ යුවරාජ් සිං ක්‍රීඩකයායි. ඔහු කඩුළු 03 ක් දවා ගත්තා. එමෙන්ම අවසන් පිතිකරුවන් සිව්දෙනාම ලකුණු 17 ක් තුල දැවීයාම විශේෂත්වයක්. ඇෆ්ගනිස්ථානය සියළුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 136 ක් පමණයි. මේ අනුව ලකුණු 23ක ජයග්‍රහණයක් ඉන්දියාවට හිමිවුණා.

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites