freehitlanka.com
(2012
සැප්තැම්බර් මස27 වැනිදා) පන්දුවාර 20
යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 08 අතර තරගය මේ වන විට ආරම්භ
වී තිබෙනවා. මෙම තරගයට ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට අකිල ධනංජය
සමත්වුණා. එමෙන්ම ආබාධයකට ලක්ව සිටි අජන්ත මෙන්ඩිස් මෙන්ම ඇන්ජලෝ මැතිව්ස් ද තරගයට
එක්ව සිටිනවා. ආරම්භක පිතිකරු දිල්ෂාන් මුණවීර අද තරගයට ඇතුලත්ව නැහැ. තරගයේ කාසිය
වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්තය තීරණය කළා. මේ අනුව ඔවුන් පන්දුවාර
20 අවසානයේ කඩුළු 07 ක් බිද වැටී ලකුණු 174 ක් ලබා ගත්තා.
අකිල යොමුකළ
පළමු පන්දුවාරයේදීම කඩුල්ලක් දවා ගැනීමට සමත්වුණා. දෙවන පන්දුවාරයේදී ඔහු අතටම උඩ
පන්දුවක් පැමිණියේ රොබ් නිකොල් එල්ල කළ වේගවත් පහරකදීයි. එහෙත් පන්දුව රැක ගැනීමට
ඔහුට හැකියාවක් පැවතියේ නැහැ. මේ හේතුවෙන් පන්දුව ඔහුගේ අත් දෙක අතරින් පැමිණ
කෙලින්ම මුහුණේ දැවටුනා. මේ හේතුවෙන් නහයෙන් ලේ ගැලීමක් සිදුවූ අතර මුහුණ ඉදිමී
තිබෙන අයුරුද දක්නට ලැබුණා. කෙසේ වෙතත් අකිල තම පන්දුවාර 04 ම ක්‍රියාත්මක
කිරීමෙන් අනතුරුවයි ප්‍රතිකාර සදහා පිටියෙන් ඉවත්ව ගියේ. මේ වන විට ශ්‍රී ලංකා
ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් පැමිණ සිටිනවා.









0 comments:
Post a Comment