freehitlanka.com
(2012
සැප්තැම්බර් මස 23 වැනිදා) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මූලික
වටයේ අද පැවති තරගයකදී නවසීලන්තයට එරහිව ලකුණු 13 ක ජයක් ලබා ගැනීමට පකිස්ථානය
සමත්වුණා. මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට පකිස්ථානය තීරණය කළා.
මේ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 177 ක් ලබා ගත්තා. ඊට
නසීර් ජම්ෂාඩ් ලබා ගත් ලකුණු 56 ද ඇතුලත්. මෙම තරගයේ පකිස්ථානය පන්දුවාර 12 ක්
දක්වා ලකුණු 10 කට ආසන්න ලකුණු ලබා ගැනීමේ වේගයක් රදවා ගැනීමට සමත්වුණා. එහෙත්
අවසන් පන්දුවාර කිහිපයේදී ඔවුන්ට එතරම් සාර්තක වීමට හැකිවුනේ නැහැ.
පිලිතුරු ලෙස
නවසීලන්තයට ලබා ගත හැකිවූයේ කඩුළු 09 ක් දැවී ලකුණු 164 ක් පමණයි. එහිදී අවසන්
පන්දුවාරය දක්වාම තරගය වෙනස් කිරීමට නවසීලන්තය දැඩි වෙහෙසක් ගනු ලැබුවා. එහෙත්
කඩුළු බිද වැටීම හේතුවෙන් එය සාර්ථක වුණේ නැහැ. අවසන් කඩුළු 04 බිද වැටුනේ ලකුණු
21 ක් තුලයි. තරගයේ වීරයා බවට පත්වුයේ නසීර් ජම්ෂාඩ්. තරගය පැවැත්වුනේ පල්ලෙකැලේ
ක්‍රීඩා පිටියේදීයි.









0 comments:
Post a Comment