2012-09-16

දකුණු ආසියාවේ පාපන්දු කිරුළ ඉන්දියාව උස්සයි


freehitlanka.com 
(2012 සැප්තැම්බර් මස 16 වැනිදා)
දකුණු ආසියානු පාපන්දු ශූරතාව හිමිකරගැනීමට ඉන්දියාව අද සමත්වුණා. ඒ නේපාල කණ්ඩායම ගෝල 03 ට එකක් ලෙස පරාජයට පත් කරමින්. තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඉන්දියාව උපක්‍රම තුලින් තරගයේ ජය වාර්තා කරනු ලැබුවා. පසුගිය තරගාවලියේදීද ශූරතාවය ඉන්දියාව දිනාගත් අතර අනුශූරතාව හිමිවුනේ නේපාලයටමයි.
තරගාවලියේ රන් සපත්තුව නේපාල ක්‍රීඩිකාවක් හිමිකර ගැනීමට සමත්වුණා. ඒ යමුණා ගුරුන්. ඇය තරගාවලියේදී ගෝල 08 ක් වාර්තා කර තිබෙනවා. තරගාවලියේ හොදම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ ඉන්දියාවේ කමලා දේවියි. ඇය තරගාවලිය පුරාවටම ඉන්දියාව ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබුවා. තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාව නේපාලය අතින් පරාජය වෙමින් ඉවත් වුණා. තරග පැවතියේ කොළඹ සී.ආර් ඇන්ඩ් එෆ්.සී ක්‍රීඩා පිටියේදී යි.

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites