2012-09-23

එංගලන්තය ඇඹරෙයි - ඉන්දියාව රජවෙයි


freehitlanka.com
(2012 සැප්තැම්බර් මස 23 වැනිදා) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ දෙවන තරගයත් ජයග්‍රහණය කිරීමට ඉන්දියව අද සමත්වුණා. ඒ එංගලන්තය පරාජයට පත් කරමිනුයි. තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දු රැකීමට එංගලන්තය තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 04 ක් පමණක් දැවී ලකුණු 170 ක් ලබා ගත්තා. රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 55 ක් ලබා ගත්තා. ගෞතම් ගාම්බීර් ලකුණු 45 ක් සහ විරාට් කෝලි ලකුණු 40 ක් ලබා ගත්තා. කෙසේ වෙතත් තරගය පුරාවටම විශිෂ්ඨ පන්දු රැකීමක එංගලන්ත කණ්ඩායම නිරතවන ආකාරය දක්නට ලැබුණා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ඉන්දීය දග පන්දු යනන්නන් හමුවේ කඩුළු පූජා කරනු ලැබුවේ අපරික්ෂාකාරී පිතිහරඹයක් දියත් කරමිනුයි. මේ අනුව පන්දුවාර 14 පන්දු 04 ක් තුල සියළුදෙනා දැවී ලකුණු 80 ක් ලබාගත්තා. මෙහිදී එංගන්ත කණ්ඩායමේ කඩුළු 03 ක් ලකුණු 60 ක්ව තිබියදී දැවී ගියා. අනතුරුව අවසන් කඩුල්ලට ලකුණු 20 ක් එක් කිරීම හේතුවෙන් ලකුණු 80 ක් දක්වා මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ ගියා. වසරක නිහඩතාවයෙන් පසු පියට පිවිසි හර්බජාන් සිං කඩුළු 04 ක් බිද දැමීමට සමත්වුණා. මේ අනුව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ පැවති තරගයේ වීරයා බවට පත්වුයේද හර්බජාන් සිං.

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites