freehitlanka.com
(2012
සැප්තැම්බර් මස27 වැනිදා) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී
ලංකාව සහ නවසීලන්තය අතර පළමු සුපිරි වටයේ තරගය නිමාව දුටුවේ කණ්ඩායම් දෙකම සම
ලකුණු ලබා ගනිමින්. මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට
නවසීලන්තය තීරණය කළා. මේ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07 ක් දැවී
ලකුණු 174 ක් ලබා ගත්තා. රොබ් නිකොල් ලකුණු 58 ක් ලබා ගත්තා. උඩපන්දුවක් රැක
ගැනීමට ගොස් පළමු තරගයට ක්‍රීඩා කළ අකිල ධනංජයගේ මුහුණේ පන්දුව වැදුනේද නිකොල්ගේ
පහරක් හමුවේයි.
පිලිතුරු ඉනිම
ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ ලබා ගත්තේද ලකුණු 174 ක්
පමණයි. ඊට හේතුවූයේ අවසන් පන්දුවේදී ජයග්‍රාහී ලකුණ ලබා ගැනීමට දිව යද්දී දුවද්දී
දැවීයාමකට හසුවීම හේතුවෙන්. මෙය ශ්‍රී ලංකාව අවාසනාවන්ත අවස්ථාවක් ලෙස සටහන් වුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් තිලකරන්ත ඩිල්ෂාන් ලකුණු 58 ක් ලබා ගත්තා. එමෙන්ම තරගය තුල
ඩිල්ෂාන් සහ මහේල ජයවර්ධන පන්දුවාර 20 ලකුණු 1000 කට ඉම සම්පූර්ණ කිරීමට සමත්වුණා. මේ අනුව
තරගයේ ජයග්‍රාහණය තීරණය කරනු ලැබුවේ සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීම
තුලිනුයි.
මේ අනුව සුපිරි පන්දුවාරය පිතිකරණයේ යෙදුනේ ශ්‍රී
ලංකාව වෙනුවෙන් මහේල සහ තිසර පෙරේරායි. පිතිකරුවන් දෙදෙනාටම සාර්ථක වීමට අවස්ථාව
ලබා දුන්නේ නැහැ. මහේල දුවද්දී දැවීයාමකට හසුවීම හේතුවෙන් ඩිල්ෂාන් පිතිකරණයට
පිවිසියා. ටිම් සවුති ක්‍රියාත්මක කළ මෙම පන්දුවාරයට වයිඩ් පන්දු දෙකක් සමගින් ශ්‍රී
ලංකාව ලබා ගත්තේ ලකුණු 13 ක් පමණයි.
ශ්‍රී ලංකාව
වෙනුවෙන් පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට ලසිත් මාලිංග අතට පන්දුව භාරකළා. ඔහු
නවතාලිය වූයේ නවසීලන්තයේ බ්‍රන්ඩන් මැකලහ් සහ මාටින් ගප්ටිල්වයි. මෙම පන්දුවාරය
කලකට පසු අනගි පන්දුවාරයක් ලෙස ක්‍රියාත්මක කරමින් ලසිත් මාලිංග ලකුණු 05 ක ජයග්‍රහණයක්
ශ්‍රී ලංකාවට ලබා දුන්නා. මෙම පන්දුවාරයේ ලබා දුන්නේ ලකුණු 08 ක් පමණයි. තරගය
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙනවා.
උඩපන්දුවක්
රැක ගැනීමට ගොස් පළමු තරගයට ක්‍රීඩා කළ අකිල ධනංජයගේ මුහුණේ පන්දුව වැදීම










0 comments:
Post a Comment