freehitlanka.com
(2012
සැප්තැම්බර් මස30 වැනිදා) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශ
පත්‍ර සොරකම් කළ බ්‍රිතාන්‍ය ජාතිකයකු අද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මෙලෙස සොරකම් කර ඇත්තේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලබන ස්ථානයකින්. බ්‍රිතාන්‍ය
ජාතිකයා සොරකම් කළ ප්‍රවේශ පත්‍ර වල වටිනාකම් රුපියල් 77250 ක් බවයි වාර්තා වන්නේ.
ඔහු ලග සොරකම් කළ ප්‍රවේශ පත්‍ර 103 ක් තිබී තිබෙනවා. බ්‍රිතාන්‍ය ජාතිකයා මෙම
සොරකම සිදු කර ඇති බවට වාර්තා වන්නේ ස්ටැන්ලි තිලකරන්ත මාවතේ පිහිටා ඇති ප්‍රවේශ
පත්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙනුයි.
ලෝක කුසලාන
තරගාවලියේ ප්‍රවේශ පත්‍ර සදහා මේ වන විට ඇත්තේ විශාල ඉල්ලුමක්. ඊට හේතු වී ඇත්තේ
ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා දැක්වීමයි. කෙසේ වෙතත් මේ හේතුවෙන් ප්‍රවේශ පත්‍ර කලු
කඩ වෙළදාමක්ද පවතිනවා. මරදාන ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටිය අවට මෙලෙස කලු කඩ
වෙළදාම සිදුවන බවටයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙතෙක් එය වැලැක්වීමට පොලීසියට
හැකියාවක් ලැබී නැහැ. මේ හේතුවෙන් මෙවැනි දෑ සිදුවන බවටයි වාර්තා වන්නේ.









0 comments:
Post a Comment