2012-09-20

ශ්‍රී ලංකාව සුපිරි වටයට - සිම්බාබ්වේ ගෙදර


freehitlanka.com
(2012 සැප්තැම්බර් මස 20 වැනිදා) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 08 අතරට පිවිසීමට ශ්‍රී ලංකාවට අද හැකිවුණා. ඒ දකුණු අප්‍රිකාව හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත්වීම හේතුවෙන්. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනා දකුණු අප්‍රිකාව පළමුව පන්දු රැකීමට තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08 ක් දැවී ලබාගත්තේ ලකුණු 93 ක් පමණයි. සී අර්වින් ලකුණු 37 ක් ලබා ගත්තා. ජැක් කලිස් ලකුණු ලකුණු 15 ට කඩුළු 04 ක් දවා ගැනීමට සමත්වුණා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව කිසිවකු නොදැවී ලකුණු 94 ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහනය වාර්තා කළා. එහිදී රිචඩ් ලෙවී නොදැවී ලකුණු 50 ක් ලබා ගත්තා. හෂීම් අම්ලා නොදැවී ලකුණු 32 යි. මේ අනුව සුපිරි කණ්ඩායම් 08 අතරට පිවිසීමට දකුණු අප්‍රිකාවටද හැකිවුණා. තරගාවලියෙන් සිම්බාබ්වේ කණ්ඩායම අද ඉවතට විසිවුණා. 

1 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites