freehitlanka.com
(2012
සැප්තැම්බර් මස 30වැනිදා) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන්
පූර්ව තරග සදහා සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව ඊයේ සමත්වුණා. ඒ දකුණු අප්‍රිකාව
පරාජයට පත් කරමිනුයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු
අප්‍රිකාව කඩුළු 05 ක් දැවී ලකුණු 146 ක් ලබා ගත්තා. එහිදී ලකුණු 08 ක්ව තිබියදී
ඉදිරිපෙල කඩුළු 02 ක් දැවී ගියද මැද පෙළ ක්‍රීඩකයින් ඉනිම ශක්තිමන් කරනු ලැබුවා.
පිලිතුරු ඉනිම
ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව කඩුළු 02 ක් පමණක් දැවී තිබියදී ලකුණු 147 ක් ලබා
ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා. එහිදී ශෙන් වොට්සන් ලකුණු 70 ක් ලබා ගත් අතර
මයික් හසී නොදැවී ලකුණු 45 ක් ලබා ගැනීමට සමත්වුණා. තරගාවලියේද වැඩිම ලකුණු සහ
වැඩිම කඩුළු සදහා හිමිකම් කියන ඔස්ට්‍රේලියාවේ ශෙන් වොට්සන් මෙම තරගයේ වීරයා බවට
පත්වුණා.
මේ අතර පකිස්ථානය සමග පැවති තරගය කඩුළු 08 කින්
ජය ගැනීමට ඉන්දියාව සමත්වුණා. මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන්
පකිස්ථානය සියළුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 128 ක් පමණයි. ෂොයිබ් මලික් ලකුණු 28 ක්
ලබා ගත්තා. ඔවුන්ගේ අවසන් කඩුළු 05ම ලකුණු 22 ක් තුල දැවී යාම විශේෂත්වයක්.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව කඩුළු 02 ක් පමණක් දැවී තිබියදී ලකුණු 129 ක්
ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා. විරාට් කෝලි නොදැවී ලකුණු 78 ක් ලබා
ගත්තා.
තරගාවලියේ
තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. එහි පළමු තරගය නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්
කණ්ඩායම අතර සවස 03 යි 30 ට ආරම්භවීමට නියමිතයි. දෙවන තරගය පැවැත්වෙන්නේ ශ්‍රී
ලංකාව සහ එංගලන්තය අතරයි. මෙම තරග දෙකම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා
පිටියේදී පැවැත්වෙනවා.









0 comments:
Post a Comment