2012-10-01

නවසීලන්තයට සුපිරි පරාජයක්


freehitlanka.com
(2012 ඔක්තෝබර් මස 01වැනිදා සඳුදා)පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරගයක ජයග්‍රහකයින් තේරීම සදහා අද දෙවන වරටත් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කරනු ලැබුවා. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නවසීලන්තය අතර තරගයේදීයි. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියළුදෙනා දැවී ලකුණු 139 ක් ලබා ගත්තා. එහිදී ක්‍රිස් ගේල් ලකුණු 30 ක් ලබා ගැනීමට සමත්වුණා. ටිස් සවුති සහ ඩොච් බ්‍රිස්වෙල් කඩුළු තුන බැගින් දවා ගැනීමට සමත්වුණා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය කඩුළු 07 ක් දැවී පන්දුවාර 20 අවසානයේ ලබා ගත්තේද ලකුණු 139 ක් පමණයි. අවසන් පන්දුවාරයේ ලකුණු 15 ක් ලබා ගත යුතු වුනා. එහෙත් ලබා ගත්තේ ලකුණු 14 ක් පමණයි. එහිදී අවසන් පන්දුවේදී ලකුණු 02 ක් ජයග්‍රහණය සදහා ලබා ගත වුවද ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.
 මේ අනුව තරගයේ ජයග්‍රහණය තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කරනු ලැබුවා. එහිදී නවසීලන්තය ලකුණු 17 ක් ලබා ගත්තා. එහෙත් පන්දු 05 ක්දී ලකුණු 18 ක් ලබා ගනිමින් බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම තරගය ජය  ගත්තා. මේ අනුව සුපිරි වටයේ නවසීලන්තය මුහුණදුන් තරග 03 ම පරාජයට පත් වෙමින් තරගාවලියෙන් ඉවත්වුණා.

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites