2012-10-10

නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට


freehitlanka.com
(2012 ඔක්තෝබර් මස 10 වැනිදා) පන්දුවාර 20 යි 20 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට ලබා දීමට යෝජනා වී තිබෙනවා. ඒ මහේල ජයවර්ධන නායකත්වයෙන් ඉවත්වීමත් සමගයි. ඇන්ජලෝ මාස 18 ක සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වයද දරනවා. අවස්ථා කිහිපයකදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමටද කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් මහේල ජයවර්ධන ටෙස්ට් හා එක්දින නායකත්වයේ තවදුරටත් රැදෙනු ඇති. පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලානයේ අනුශූරතාව දිනා ගැනීමේන් පසු මහේල කියා සිටියේ තමන් නව නායකත්වයක් සදහා කණ්ඩායමෙන් ඉවත්වන බවයි. එමෙන්ම ඉවත්වීම සදහා ගත් තීරණය තරගාවලියට පෙර ලබා ගත් බවද ඔහු මෙහිදී කියා සිටියා.
 තේරීම් කමිටු සාමාජිකයකු කියා සිටියේ අනාගත නායකත්වය සදහා පන්දුවාර 20 නායකත්වය ලබා දීම තුලින් හොද පන්නරයක් ලබා ගැනීමට ඔහුට හැකිවනු ඇති බවයි. එමෙත්ම ඇන්ජලෝ තවමත් හොදින් නායකත්ව ලක්ෂණ පෙන්වා නැතැයි බොහෝ දෙනා පවසන බව ඔහු කියා සිටියා. එහෙත් විකල්පයක්ද නොමැති බවයි පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් නායකත්වය සදහා අවස්ථා ලබා නොදී එවැනි ප්‍රකාශ සිදු කිරීම අසාධාරණ බවද තේරීම් කමිටු සාමාජිකයා වැඩි දුරටත් කියා සිටියා.

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites