(2012
ඔක්තෝබර් මස06 වැනිදා සෙනසුරාදා) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන්
මහා තරගය සදහා වන ප්‍රවේශ පත්‍ර කලු කඩ හරහා අලෙවි වන බව නොරහසක්. මේ අතර ක්‍රිකට්
ආයතනයද මේ වන විට කලු කඩයක්ව ඇතැයි වාර්තා වනවා. මීට හේතු වි ඇත්තේ ක්‍රිකට්
ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වැඩි මිලට ප්‍රවේශ පත්‍ර විකිනීමට පියවර ගැනීමයි.
අවසන් පූර්ව තරගයේදීද ඔහු ක්‍රිකට් ආයතනය තුලදීම වැඩි මිලට ප්‍රවේශ පත්‍ර අලෙවි කර
තිබෙනවා. එහෙත් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට ඇති අවශ්‍යතාව මත කිසිවෙකුත් මේ පිලිබදව
හෙලි දරව් කිරීමට ඉදිරිපත් වන්නේ නැහැ.
මේ අතර පසුගියදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ
කායවර්ධනාගාරය තුලද ප්‍රසිද්ධියේ කලු කඩ ප්‍රවේශ පත්‍ර ජාවාරම සිදුවන බව සහෝදර
මාධ්‍ය ආයතන දෙකක් එක්ව කල මෙහෙයුමකදී තහවුරු වුණා. මේ අතර එහිදී ලබා ගත් රූප රාමු
විකාශය කිරීමට එම එක් නාලිකාවක් කටයුතු කළා. එහෙත් ටෝනි නමින් හදුන්වන ක්‍රිකට්
ආයතනයේ නිත්‍ය සේවකයකු වන මෙම කලු කඩ මුදලාලිට එරහිව ක්‍රිකට් ආයතනය කිසිදු
පියවරක් ගෙන නැහැ. කලක් දුමින්ද සිල්වා
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ලගින් සිටි මෙම පුද්ගලයාට එරහිව ක්‍රියාමාර්ග නොගැනීමට
හේතුවද ක්‍රිකට් ආයතයේ ලොක්කෙකු මෙම ජාවාරම මෙහෙයවීමයි. මේ අනුව ඔහුට ප්‍රවේශ පත්‍ර
ජාවාරම සිදු කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඇනවුම් කළ මෙම ප්‍රවේශ පත්‍ර
ලබා දී ඇත්තේ ප්‍රධාන විධායක නිලධාරියාම විය හැකියි. ඒ ක්‍රිකට් ආයතනයේ ප්‍රවේශ
පත්‍ර සම්භන්ධයෙන් කටයුතු කරනු ලැබුවේ මෙම ප්‍රධාන විධායක නිලධාරියා වීම නිසයි.
අපි ඔහුට අභියෝගයක් කරමු. ඒ මෙම ජාවාරමට ඔහු සම්භන්ධ නොමැති නම් ටෝනිට එරහිව පියවර
ගන්නා ලෙසයි.
ක්‍රිකට්
ආයතනයේ ලොක්කන් ටිකට් මගඩි ගසද්දී ප්‍රවේශ
පත්‍ර ලබා ගැනීම සදහා විශාල පිරිසක් මහ මග රැය පහන් කරන්නේ ඔවුන් ක්‍රීඩාවට ඇති
සැබෑ ආදරය නිසයි. එහෙත් එවන් ප්‍රේක්ෂකයින්ට ලබා දිය යුතු ප්‍රවේශ පත්‍ර මංකොල්ල
කා වැඩි මිලට විකිනීමට කටයුතු කිරීම කෙතරන් නම් සදාචාරාත්මකද ? මෙම වීඩියෝවේ 15.33 සිට බලන්න.. හොරු බලා ගන්න...









0 comments:
Post a Comment