freehitlanka.com
පන්දුවාර
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගය සම්භන්දයෙන් තම සහභාගීත්වට
අවින්ශ්චිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන පවසනවා. ඔහු මේ බව
කියා සිටියේ ඊයේ එංගලන්තය සමග පැවති තරගය ජය ගැනීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස්
දක්වමිනුයි. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගය ලකුණු
19 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව
කඩුළු 06 ක් දැවී ලකුණු 169 ක් ලබා ගත්තා. එහෙත් පිලිතුරු ලෙස එංගලන්තයට ලබා ගත
හැකිවූයේ ලකුණු 150 ක් පමණයි. එහිදී ලසිත් මාලිංග තම හොදම පෞද්ගලික පන්දු යැවීම
සටහන් කරමින් කඩුළු 05 ක් බිද දැමීමට සමත්වුණා. මෙම තරගයේ නායකත්වය දරනු ලැබුවේ
කුමාර් සංගක්කාරයි.
පැවති මාධ්‍ය
හමුවේදී මේ පිලිබදව අදහස් දක්වමින් මහේල කියා සිටියේ මෙය අවස්ථානුකූලව ගත් ක්‍රියාමාර්ගයක්
බවයි. මීට පෙර තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලයේදී පන්දුවාර ප්‍රමාණය
නොයැවීම සම්භන්දයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දඩුවමට ලක්වුණා. තවත් මාස 06
ක් තුල මෙම වරදට හසු වුවහොත් මහේලට ඊට පසු තරග තහනමක් පැනවෙනු ඇති. මේ හේතුවෙන් අද
නායකත්වය කුමාර් සංගක්කාරට ලබා දුන් බවයි. කෙසේ වෙතත් මෙවැනි ක්‍රියාමාර්ගයක්
අනුගමනය කිරීම සම්භන්දයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කුමන තීරණයක් ඉදිරියේදී
ගනු ඇත්දැයි තවමන් නෙදන්නා බවයි ඔහු කියා සිටියේ. මෙම ගැටළුව ඉදිරියේදීද ඇතිවිය
හැකි නිසා අවසන් පූර්ව තරගයේ නායකත්වයක් සංගක්කාරටම ලබා දෙන්නේදැයි මෙහිදී මාධ්‍යවේදියකු
විමසා සිටියා. ඊට පිලිතුරු ලබා දුන් මහේල කියා සිටියේ කණ්ඩායම සහ කළමණාකාරීත්වය
සමග සාකච්ජා කර ඒ පිලිබදව තීරණයක් ගන්නා බවයි. මේ අතර අවසන් පූර්ව තරග සදහා
කාණ්ඩයේ පළමු රට ලෙස ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගත්තා. දෙවන රට බවට පත්වුයේ බටහිර
ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. මහේල ජයවර්ධන වැඩිදුරටත් කියා සිටියේ අවසන් පූර්ව තරග
පැවැත්වෙන කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීමටද තම කණ්ඩායම සූදානම්
බවයි. එමෙන්ම කණ්ඩායමේ සංයුතිය පිලිබදව සෑහීමකට පත් විය හැකි බවද ඔහු වැඩිදුරටත්
කියා සිටියා.
තරගාවලියේ
සුපිරි කණ්ඩායම් 08 වටයේ අවසන් තරග දෙක අද පැවැත්වෙනවා. පළමු තරගය ඔස්ට්‍රේලියාව
සහ පකිස්ථානය අතර පැවැත්වෙනවා. අනෙක් තරගය පැවැත්වෙන්නේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව
අතර පැවැත්වීමට නියමිතයි.









0 comments:
Post a Comment