2012-10-10

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකාව පිලි නොගනියි


freehitlanka.com
(2012 ඔක්තෝබර් මස 10 වැනිදා) ජාතික මලල ක්‍රීඩා සංගමයට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය ලබා දෙන ප්‍රතිපාදන සියල්ල මේ වන විට කපා හැර ඇතැයි වාර්තා වනවා. ඊට හේතුව වී ඇත්තේ වත්මන් සංගමය දේශපාලන බලපෑම් මත පත්වූ බවට චෝදනා එල්ල වී තිබීමයි. සාමානයයෙන් වාර්ශිකව පරිපාලන කටයුතු සදහා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය ජාතික සංගමය වෙත මුදල් ලබා දෙනවා. එහෙත් මෙම වසරට අදාලව තවමත් එම මුදල් ප්‍රතිපාදන ලබා දී නැහැ. එමෙන්ම පසුගිය වසරවල ජාත්‍යන්තර සංගමයේ මුදල් ප්‍රතිපාදන මත කිඩ්ස් ඇත්ලටික් නිමින් ව්‍යාපෘතියක් දියත් කරනු ලැබුවේ කුඩා දරුවන්ගේ දක්ෂතා හදුනා ගැනීම සදහායි. එහෙත් මෙම වසරට අදාල එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහාත් ජාත්‍යන්තර සංගමය මුදල් ලබා දී නැහැ. ජාත්‍යන්තර සංගමය මලල ක්‍රීඩා සංගමයේ පරිපාලනය පිලි නොගැනීම මත මෙය සිදුව ඇතැයි සදහන්. එහෙත් ක්‍රීඩකයින්ට අවහිරයක් නොවන පරිදි ජාත්‍යන්තර තරගාවලි සදහා සහභාගීවීම සදහා අවස්ථාව ලබා දී තිබෙනවා. මේ අතර පුහුණුකරුවන් පුහුණුකිරීමේ සහ තාක්ෂණ නිලධාරීන් පුහුණුකිරීමේ වැඩසටහන් සදහාද මුල්‍ය ප්‍රතිපාදන ජාතික සංගමය වෙත ලබා දී නැතැයි සදහන්. වත්මන් පරිපාලනය පිලිබදව තවමත් කිහිදු සදහනක් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ නිල වෙබ් අඩවියේද පළ කර නැහැ. එහි ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා සංගමයේ සභාපති ලෙස දක්වා ඇත්තේ හිටපු සභාපති පාලිත ප්‍රනාන්දු මහතාගේ නමයි. ලේකම් ලෙස දක්වා ඇත්තේ හිටපු ලේකම් ජී.එල්.එස්. පෙරේරා මහතාගේ නමයි. මේ අනුව ජාතික මලල ක්‍රීඩා සංගමය මෙතෙක් ජාත්‍යන්තර සංගමයේ පිලි ගැනීමට ලක්ව නැහැයි තහවුරු වනවා. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට හිමි විය යුතු විශාල මුදලක් අහිමි වී යනු ඇති.
 මේ අතර හිටපු ජාතික මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ප්‍රේමා පින්නවල මහතාට ජනාධිපති උපදේශක තනතුරක් පිරිනමා තිබෙනවා. ඒ ක්‍රීඩාව සම්භන්ධයෙනුයි. පසුගිය මලල ක්‍රීඩා නිලවරණයේදී තනතුරු කාලය දිගු කළ නොහැකි බව පවසමින් ක්‍රීඩා අමාත්‍යංශය ඉවත් කරනු ලැබූ පින්නවල මහතාට මෙම තනතුර හිමිවීම විශේෂත්වයක් වනවා.ඔහුට අමතරව ක්‍රීඩා ජනාධිපති උපදේශකවරයකු ලෙස කටයුතු කරනු ලබන්නේ ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතායි.

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites