freehitlanka.com
(2012
ඔක්තෝබර් මස 27 වැනිදා) ගිනස්
වාර්ථාවක් තැබීම සදහා ජාතික රග්බි සංගමය අද සවස කනිෂ්ඨ රග්බි තරගාවලියක් පවත්වනවා.
එහි විශේෂත්වය වන්නේ එක් දිනක් තුල වැඩිම තරග සංඛ්‍යාවක් වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන්
ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමයි. වයස් කාණ්ඩ 04 ක් යටතේ පැවැත්වීමට නියමිත
තරගාවලියට සෑම පළාතක්ම ආවරණය වන පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවනවා. ජාතික
රග්බි සංගමයේ භාන්ඩාගාරික කිරාන් අතපත්තු මහතා වී ක්‍රීඩා අංශයට කියා සිටියේ මෙම
තරගාවලිය සංවිධානය කිරීම තුලින් පාසල් තුල රග්බි ක්‍රීඩාවට ඇති උනන්දුව වැඩි
කිරීමටද අපේක්ෂාවක් වී ඇති බවයි. තරගාවලිය
සදහා මේ වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000 ක් ලියාපදිංචි වී තිබෙනවා. එකවර තරග 15
ක් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේදී පැවැත්වීමටයි සංවිධායකයින් කටයුතු කර
ඇත්තේ. මීට පෙර එක් තරගාවලියක වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයකගේ
සහභාගීත්වයෙන් රග්බි තරගාවලියක් පවත්වා ඇත්තේ හොංකොං හිදීයි. 2011 වසරේ පැවති එම
තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2610 ක් සහභාගී වී තිබෙනවා.









0 comments:
Post a Comment