2012-10-28

පාසල් බැඩ්මින්ටන් සංගමයට දෙමාපියන්ගෙන් දෝෂාරෝපන


freehitlanka.com
(2012 ඔක්තෝබර් මස 28 වැනිදා) වයස 10 න් පහළ ජාතික පාසල් බැඩ්මින්ටන් තරගාවලියේ දින තෙවරක් වෙනස්කිරීමට පාසල් සංගම කටයුතු කිරීම හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ දෙමාපියන් දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි වාර්තා වනවා. මෙම තරගාවලිය පැවැත්වීමට වාර්ශක සැලැස්මේ දැක්වෙන්නේ ලබන මස 01 වැනිදා සිට 04 වැනිදා දක්වායි. එහෙත් පාසල් බැඩ්මින්ටන් සංගමය එය ලබන මස 08 වැනිදා සිට 11 වැනිදා දක්වා පවත්වන බව දැනුම් දෙනු ලැබුවා. මේ අනුව දෙමාපියන් තරගාවලිය පැවැත්වෙන මාතර ප්‍රදේශයේ ලැගුම්හල් වෙන් කරවා ගෙන කාර්යයාලවලින් නිවාඩුද ලබා ගෙන තිබෙනවා. එහෙත් පාසල් සංගමය මෙම දින තෙවන වරටත් වෙනස් කරමින් ලබන මස 15 වැනිදා සිට තරගාවලිය පැවැත්වෙන බව දැනුම් දී ඇතැයි වාර්තා වනවා. තරගාවලිය නිමා වන්නේ 18 වැනිදායි. පාසල්වල අවසන් වාර විභාග 20 වැනිදා සිට ආරම්භවීම හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සදහාද තරගාවලියේ දින වෙනස්වීම දැඩි බලපෑමක් වී ඇතැයි සදහන්. මේ හේතුවෙන් තමන් අපහසුතාවට ලක්ව සිටින බවයි දෙමාපියන් වී ක්‍රීඩා අංශය වෙත කියා සිටියේ.
 මේ අතර තරගාවලිය සදහා නව බැඩ්මින්ටන් පන්දු විශේෂයක් භාවිතා කරන බව පාසල් සංගමය දැනුම් දී තිබෙනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වන විට භාවිතා කරනු ලබන්නේ යොනෙක්ස් මාවී වර්ගයේ බැඩ්මින්ටන් පන්දු වර්ගයක්. එම පන්දු 06 ක මිල රුපියල් 1300 කට ආසන්නයි. එහෙත් තරගාවලිය සදහා වෙනත් බැඩ්මින්ටන් පන්දු වර්ගයක් භාවිතා කිරීමටයි සංගමය තීරණය කර ඇත්තේ. හිටි හැටියේ මෙම වෙනස් කම සිදු කළද මෙතෙක් භාවිතා කරන බව දැනුම් දී ඇති පන්දු වර්ගය දේශීය වෙළදපලේ විකිනීම සදහා ඇත්තේද නැහැ. මේ හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම මල් විශේෂයෙන් පුහුණුවීම් සදහා අවස්ථාව අහිමි වී තිබෙනවා. මෙම පන්දු වර්ගයේ වේගය දැනට ශ්‍රී ලංකාව තුල භාවිතා කරන පන්දු වලට වඩා වෙනස් බවත් සදහන්. එමෙන්ම පාසල් සංගමය භාවිතා කළ යුතු බව දක්වා ඇති පන්දු විශේෂය දැනට භාවිතාකරන පන්දු මෙන් දෙගුණයක මිලක් වන බවත් සදහන්. මේ හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරගාවලිය තුලදී උපරිම දක්ෂතා දැක්වීමේ ඉඩ කඩ ඇහිරී තිබෙනවා.

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites