freehitlanka.com
(2012
ඔක්තෝබර් මස 29 වැනිදා) නවසීලන්ත ශ්‍රී
ලංකා පන්දුවාර 20 යි 20 තරගය සදහා වර්ශාවෙන් භාධා ඇත්වේදැයි සැක මතුව තිබෙනවා. තරගය
පැවැත්වීමට නියමිතව ඇත්තේ හෙටයි. මේ වන විට දිවයින පුරා බලපා ඇති වර්ශාව සහිත
කාලගුණය හේතුවෙන් මෙම සැක මතුව තිබෙනවා. මේ අතර අද කණ්ඩායම් දෙකෙහිම අවසන් පුහුණු
සැසි සදහාද වර්ශාවෙන් භාධා ඇති වී ඇතැයි සදහන්. පළමු පන්දුවාර 20 යි 20 තරගය
පැවැත්වීමට නියමිතව ඇත්තේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින තත්වය තවසුරටත් පැවතියහොත් හෙට දිනය
තුලද ක්‍රීඩා පිටිය පිහිටි ප්‍රදේශය වෙත වර්ශාව බලාපොරොත්තු විය හැකි බවයි.
පන්දුවාර 20
යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව
මුහුණදෙන පළමු තරගාවලිය මෙය වනවා. මේ අතර එම තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය
අතර පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේ පැවති තරගයේ ලකුණු සමවුණා. ඒ අනුව සුපිරි
පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමෙන් අනතරුවයි ශ්‍රී ලංකාවට ජය හිමිවුනේ. කෙසේ වෙතත්
නවසීලන්ත පන්දුවාර 20 තරගයේ නායකත්වය දරනු ලබන්නේ ඇන්ජලෝ මැතිව්ස් විසිනුයි. උප
නායකත්වය හිමිව ඇත්තේ නුවන් කුලසේකරටයි. එමෙන්ම
හිටපු නායක මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංගද මෙම තරගයට ක්‍රීඩා නොකිරීම විශේෂත්වයක්.









0 comments:
Post a Comment