freehitlanka.com
(2012 ඔක්තෝබර්
මස 03වැනිදා බදාදා) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව
තරග සදහා සුදුසුකම් ලබා ගැනීමට පකිස්ථානය සහ ඔස්ට්‍රේලියාව සමත්වුණා. ඒ ඔවුන් ඊයේ
පැවති තරග වලදී ජයග්‍රහණ ලැබීම හේතුවෙන්. මේ අනුව ශූරතාවය හිමිකර ගනු ඇතැයි බොහෝ
දෙනා මත පළකල ඉන්දියාවට සහ දකුණු අප්‍රිකාවට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා. ඔස්ට්‍රේලියාව
සමග පැවති තරගයේදී ලකුණු 32 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පකිස්ථානය සමත්වුණා. මෙම
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පකිස්ථානය කඩුළු 06 ක් දැවී ලකුණු 149 ක් ලබා ගත්තා.
නසීර් ජම්ෂාඩ් ලකුණු 55 ක් ලබා ගත්තා. පිලිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට ලබා ගතහැකිවුයේ
කඩුළු 07 ක් දැවී ලකුණු 117 ක් පමණයි. පකිස්ථානයේ දග පන්දු යවන්නන් කඩුළු
ඩැහැගැනීමට සමත්වීම තරගය වෙනස් කළ සාදකය බවට පත්වුණා.
කෙසේ වෙතත් මෙම ජයග්‍රහණය පමණක් අවසන් පූර්ව
තරගය සදහා ප්‍රමාණවත් වූයේ නැහැ. මේ අනුව ඉන්දියාව දකුණු අප්‍රිකාවට එරහිව ලකුණු 31
ක ජයග්‍රහණයක් වාර්තා කලේ නම් පකිස්ථානය ඉවතට ගොස් ඉන්දියාවට අවසන් පූර්ව තරගයට
සහභාගී වීමේ අවස්ථාව හිමිවීමට ඉඩ කඩ පැවතියා. එම තීරණාත්මක තරගයේ පළමුව පන්දුවට
පහරදුන් ඉන්දියාව කඩුළු 06 ක් දැවී ලකුණු 152 ක් ලබා ගත්තා. පිලිතුරු ලෙස දකුණු
අප්‍රිකාව සියළුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 151 ක් පමණයි. මේ අනුව ඉන්දියාවට
හිමිවුනේ එක් ලකුණක ජයග්‍රහණයක් පමණයි. මේ අනුව තරගාවලියෙන් ඉවතට යාමට මෙම රටවල්
දෙකටම සිදුවුණා.
තරගාවලියේ
පළමු අවසන් පූර්ව තරගය හෙට ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර කොළඹ ආර්.ප්‍රෙමදාස ක්‍රීඩා
පිටියේදී රාත්‍රී 07 යි 30 සිට පැවැත්වීමට නියමිතයි. එනෙක් අවසන් පූර්ව තරගය
අනිද්දා ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.
එම තරගයට පැවැත්වෙන්නේ රාත්‍රී 07 යි 30 සිට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩා
පිටියේදීයි.









0 comments:
Post a Comment