freehitlanka.com
(2012
ඔක්තෝබර් මස 01වැනිදා සඳුදා) සුපිරි
කණ්ඩායම් අට වටයේ එංගලන්තය සමග පැවැත්වෙන තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ
නායකත්වයෙන් මහේල ජයවර්ධන ඉවත් කර තිබෙනවා. මේ අනුව නායකත්වය හිමි වී ඇත්තේ කුමාර් සංගක්කාරටයි. කණ්ඩායමේ උප නායකත්වයෙන් ඇන්ජලෝ මැතිවුස් වද ඉවත් කර තිබෙනවා. මේ අනුව
අද තරගයට උප නායකයකු ක්‍රීඩා කරන්නේ නැහැ. තරගයේ කාසියේ වාසිය උරගා බැලීම සදහා
පැමිණියේ කුමාර් සංගක්කාරයි. මේ අනුව බොහෝ දෙනෙකු සිතුවේ අවසන් තරග 03 ම කාසියේ
වාසිය පරාජයට පත් වීම හේතුවෙන් මෙම වෙනස්කම සිදුකර ඇති බවයි. ඇතමුන් කියා සිටියේ
මහේලට විවේකයක් ලබා දී ඇති බවයි. එහෙත් තරගයේ මහේල නායකත්වයෙන් ඉවත්ව ක්‍රීඩා
කිරීම කාගේත් කතාබහට ලක්වුණා.
පසුගිය
තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලයේදී පන්දුවාර ප්‍රමාණය යොමු කිරීමට අසමත්
වුණා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධනට තරග ගාස්තුවෙන් සියයට 20 ක්
කපා දැමීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කටයුතු කළේ. මේ අනුව අද තරගයේද මහේල
නායකත්ව දරා නියමිත පන්දුවාර ප්‍රමාණය නියමිත කාලයේදී යොමු කිරීමට අසමත් වුවහොත්
ඉදිරි තරගය ඔහුට ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ අනුව අද නායකත්වය
මහේලට අපලයක්. මෙම අපලයෙන් ගැලවීමට ගැලවුම්කරු වී ඇත්තේ කුමාර් සංගක්කාරයි. ඔහු
මෙම තරගයේ නායකත්වයට පත්ව ඇත්තේද මෙම නීතියෙන් ගැලවීම සදහායි. මේ අනුව ශ්‍රී ලංකාව
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගොනාට අන්දවයි.









3 comments:
".....ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් මහේල ජයවර්ධන ඉවත් කර තිබෙනවා. මේ අනුව නායකත්වය හිමි වී ඇත්තේ මහේල ජයවර්ධනටයි."
?????????????
ලියන දේ අවබෝධයකින් ලියනවා නම් හොඳයි නේද?
සුපිරි කණ්ඩායම් අට වටයේ එංගලන්තය සමග පැවැත්වෙන තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් මහේල ජයවර්ධන ඉවත් කර තිබෙනවා. මේ අනුව නායකත්වය හිමි වී ඇත්තේ මහේල ජයවර්ධනටයි.............
මොනවද මේ ලියල තියෙන්නේ.
මහේල ඉවත් කරා ලු. ඒ වෙනුවට නායකත්වය මහේලට මයි...
මට පිස්සු වගේ...
ස්තූතියි නිවරදිකිරීම් එවූ ඔබට.....
Post a Comment