freehitlanka.com
(2012
ඔක්තෝබර් මස 25 වැනිදා) පළමු පෙළ ප්‍රිමිය ලීග් ක්‍රිකට් ක්‍රීඩා සමාජ තරගාවලිය
වෙනස් කිරීම සදහා ගෙනෙන ලද යෝජනාව ක්‍රිකට් ආයතනය අද හකුලාගෙන තිබෙනවා. ඒ ක්‍රීඩා
සමාජ නියෝජිතයින්, ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්
සමග පැවති සාකච්ජාවකින් පසුවයි. මේ වන විට ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලිය
පැවැත්වෙන්නේ ඒ සහ බී යන කාණ්ඩ දෙකක් යටතේයි. මෙම කාණ්ඩවල කණ්ඩායම් 10 බැගින් ක්‍රීඩා
කරනවා. ක්‍රිකට් ආයතනය යෝජනා කරනු ලැබුවේ ඒ කාණ්ඩය කණ්ඩායම් 14 දක්වා ඉහළ
නැංවීමටයි. එහෙත් ක්‍රීඩා සමාජ පෙන්වා දෙනු ලැබුවේ මෙම යෝජනාව හිටි හැටියේ ක්‍රියාත්මක
කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ක්‍රීඩා සමාජවලට අසාධාරණයක් වන බවයි. මේ අනුව ඔවුන්
මෙම අසාධාරණයට එරහිවන ලෙස ජනාධිපතිතුමන් ඇතුළු ඉහළ නිලධාරීන්ට ලිඛිතව පැමිණිලි කර
තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙසයි අද මෙම සාකච්ජාව කැදවා තිබුණේ. එය ක්‍රීඩා අමාත්‍ය
මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණත් ඊට ක්‍රීඩා
අමාත්‍යවරයා සහභාගී වුනේ නැහැ.
මෙම සාකච්ජාවේදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ ක්‍රියා
කලාපයන්ද දැඩි දෝශ දර්ශනයට ලක්ව තිබෙනවා. එමෙන්ම ක්‍රිකට් තේරීම් කමිටුවේ තේරීම්
පිලිබදවද මෙහිදී ක්‍රීඩා සමාජ විරෝධතාව පළකර ඇතැයි සදහන්. කෙසේ වෙතත් මෙම යෝජනාව
පිලිබදව තවදුරටත් ක්‍රීඩා සමාජ සමග සාකච්ජා කිරීමට ලබන සෙනසුරාදා තවත් රැස්වීමක්
පැවැත්වීමට නියමිත වනවා.









0 comments:
Post a Comment