freehitlanka.com
(2012-10-04)පන්දුවාර 20
යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ
පකිස්ථානය අතර මේ වන විට පැවැත්වෙනවා. ඒ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදීයි.
මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාව තීරණය කළා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ මහේල ජයවර්ධනයි. ඔහු හොද ආරම්භයක්
ලබා දෙමින් ලකුණු 42 ක් ලබා ගත්තා. කෙසේ වෙතත් තරගයේ සම්පූර්ණයෙන්ම පකිස්ථාන දග
පන්දු යවන්නන් පාලනය කළ ආකාරය දක්නට ලැබුණා. මේ අනුව තරගයේ ආරම්භයේ සිටම ශ්‍රී
ලංකා පිතිකරුවන්ට සුපුරුදු රිද්මයට අවතීරණය වීමට අවස්ථාව හිමිවූයේ නැහැ. තිලකරත්න
ඩිල්ෂාන් ලකුණු 35 ක් ලබා ගත්තා. එහෙත් තිසර අවසන් පන්දුවාර කිහිපයේ වේගවත් ලකුණු
ලබා ගැනීමක නිරත වෙමින් ලකුණු 11 ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත
පන්දුවාර 20 අවසානයේ කඩුළු 04 ක් දැවී ලකුණු 139 ක් ලබා ගත්තා.
පිලිතුරු ලෙස
පකිස්ථානය ලකුණු 140 ක ඉලක්කයක් හඹායනවා. මෙම ලකුණු ප්‍රමාණය රැක ගැනීමට නම් ශ්‍රී
ලංකාව දග පන්දු යන්නන් මත යැපිය යුතු වනවා. අද තරගයේදී තණ තීරුව දග පන්දු යවන්නන්
සදහා මනා පිටිවහලක් දක්වනවා. ක්‍රීඩා පිටිය මේ වන විට ප්‍රේක්ෂකයින්ගෙන් පිරී
ඉතිරී ගොස් අවසන්.
ශ්‍රී ලංකා
කණ්ඩායම තම නිල ඇදුමේ රතු පටියක් පැලද සිටීම අද විශේෂත්වයක්. මෙමගින් ඒඩ්ස්
වැලැක්වීම සදහා පනිවිඩයක් ගෙන යාම බලාපොරොත්තුවක් වි තිබෙනවා.









0 comments:
Post a Comment