freehitlanka.com
(2012
ඔක්තෝබර් මස 29 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රාජ්‍ය
ඉංජිනේරු සංස්ථාවට අති විශාල මුදලක් ණය වී ඇතැයි අමාත්‍ය
විමල් වීරවංශ මහතා පවසනවා. පසුගිය වසරේ පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලාන
තරගාවලිය සදහා ණයට ගොඩනැගිලි ඉදි කරවා ගත්තද මෙතෙක් එම මුදල් නොගැවීම පිලිබදව ඔහු
මෙලෙස අදහස් දැක්වූවා. එමෙන්ම ක්‍රිකට් ආයතනය තරග
පවත්වමින් ආතල් ගන්නා බවත් ණය පියවීමට කිසිදු උත්සාහයක් නොගන්නා බවත් විමල් වීරවංශ
මහතා චෝදනා කළා. ක්‍රිකට් ආයතයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට සෘජු දෝශාරෝපන
එල්ල කරමින් ඔහු පෙන්වා දුන්නේ මේ හේතුවෙන් තම අමාත්‍යංශය අපහසුතාවට පත්ව ඇති
බවයි. ඔහු මෙම අදහස් දැක්වූයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සංවිධානය කළ උත්සවයකට
එක්වෙමිනුයි.
2011 ක්‍රිකට්
ලෝක කුසලානය සදහා පල්ලෙකැලේ , හම්බන්තොට සහ කොළඹ ක්‍රීඩා පිටි ඉදිකිරීමට සහ
නවීකරණයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන
07.02 ක් වැය කරනු ලැබුවා. එහෙත් මෙතෙක් ඉන් ගෙවා ඇත්තේ බිලියන 03 කට ආසන්න මුදලක් බවයි පැවසෙන්නේ. මේ අනුව තවත්
රුපියල් බිලියන 04 කට අධික මුදලක් ඉදිකිරීම් සදහා
ගෙවීමට ඉතිරිව තිබෙනවා. එහෙත් මේ වන විට ක්‍රිකට් ආයතනය දැඩි මූල්‍ය අර්බුදයකට
මුහුණ දී සිටීම හේතුවෙන් එම මුදල් පියවා දැමීම ගැටළුවක්ව ඇතැයි සදහන්. විමල්
වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කළ ණය මුදල සදහා රජයෙන් සහනයක් ලබා දෙන ලෙස පසුගිය
කාලය පුරාවටම ක්‍රිකට් ආයතනය විවිධ ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා. වරක් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්කරනු ලැබුවේ රාජ්‍ය
ඉන්ජිනේරු සංස්ථාවට ක්‍රිකට් ආයතනය ඇති ණය මුදල බොල් ණය
ලෙස කපා හැරිමටයි. එහෙත් ජනාධිපතිතුමන්ගේ දෝෂාරෝපනයටද ලක්වෙමින් අමාත්‍යවරුන්ගේ
දැඩි විරෝධතාව මත මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම කැබිනට් සංදේශය හකුලා ගනු ලැබුවා.
කෙසේ වෙතත් වාර්තා වන අන්දමට ඉදිරියේදී ක්‍රිකට් ආයතනය මෙම මුදල පියවන තුරු කිසිදු
කටයුත්තකට ඔවුන්ට සහය නොදීමටයි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව තීරණය කර ඇත්තේ.









0 comments:
Post a Comment