2012-10-05

ක්‍රිකට් මාධ්‍යවේදීන්ගේ රථගාල විකුණයි


ramada hotel car
freehitlanka.com
(2012-10-05) පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ආවරණය කිරීම සදහා ක්‍රීඩාංගනවලට පැමිණෙන මාධ්‍යවේදීන් සදහා වෙන් කර ඇති රථ ගාල විකිණීමට කටයුතු කර ඇතැයි වාර්තා වනවා. මෙම රථගාල සදහා වාහන ඇතුලත් කළ හැක්කේ නිල අවසර පත්‍ර හිමි වාහන සදහා පමණයි. එම නිල අවසර පත්‍ර නිකුත් කරනු ලබන්නේ ක්‍රිකට් ලෝක කුසලාන කාර්යයාලයයි. එහෙත් ක්‍රීඩාංගන සදහා යාමට ඒමට ක්‍රිකට් ආයතනයේ සිට ක්‍රීඩාංගන සදහා බස් රථ සේවාවක් ලෝක කුසලාන කාර්යයාලය මගින්ම පවත්වාගෙන යනු ලබනවා. මෙම තත්වය දඩමීමා කර ගනිම්න් මේ වන විට ලෝක කුසලාන කාර්යයාලයේ නිලධාරීන් කටයුතු කරමින් සිටිනවා.
reddot van
මාධ්‍යවේදීන් සදහා වාහන ගාල් කිරීමේ අවසර පත්‍ර ලබා දෙන ලෙස ඉල්ලීම් කලද ක්‍රිකට් ලෝක කුසලාන කාර්යයාලයේ නිලධාරීන් ඒ සදහා අවශ්‍ය පියවරයන් ගනු ලබන්නේ නැහැ. ඒ වෙනුවට හිතවත් මාධ්‍යවේදීන් කිහියදෙනෙකුට පමණක් අවසර පත්‍ර ලබා දී අනෙක් අවසර පත්‍ර විකිනීමට ඔවුන් පියවර ගෙන ඇතැයි සදහන්. මේ හේතුවෙන් මාධ්‍යවේදීන් සදහා වෙන් කර ඇති රථ වාහන නැවැත්වීමේ අංගනයේ දැකිය හැකි වන්නේ ප්‍රභූවරුන්ට , හිතවතුන්ට සහ හෝටල්වටල අයත් රථ ගාල් කර ඇති ආකාරයකුයි. මෙලෙස කටයුතු කිරීම හේතුවෙන් මාධ්‍යවේදීන් රැසක් අපහසුතාවයට පත්ව සිටිනවා. ඒ තම රථ මහමග දමා ක්‍රීඩා පිටියට පැමිණීමට සිදුවීම හේතුවෙනුයි. එමෙන්ම මෙම තත්වය රාජකාරී සදහාද ගැටළුකාරී බව මාධ්‍යවේදීන් ලෝක කුසලාන කාර්යයාලයේ මෙම අවසර පත්‍ර නිකුත් කරන නිලධාරීයාට පවසා තිබෙනවා. එහෙත් ඔහු මෙතෙක් ඒ සදහා කිසිදු පියවරක් ගෙන නැහැ. මේ පිලිබදව තහවුරු කිරීමට අප ඡායාරූප කිහිපයක් පළ කරනු ලබනවා. මාධ්‍යවේදීන් සදහා වෙන් කළ රථ ගාලේ නවතා තිබෙන මෙම රථ ප්‍රසිද්ධ හෝටලයකට සහ තවත් පෞද්ගලික ආයතනයකට අයත්වන බව එහි දැක්වෙන පුවරු වලින් තහවුරු වනවා. මේ අනුව මාධ්‍ය රථගාල විකුණා දමා ඇතැයි තහවුරු නොවන්නේද?

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites