freehitlanka.com
(2012
ඔක්තෝබර් මස 10 වැනිදා) චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු සුදුසුකම්
ලැබීමේ තරගය ශ්‍රී ලංකාව නියෝජනය කරන ඌව නෙකස්ට් කණ්ඩායම ඊයේ පරාජයට පත් වුණා. ඒ
යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම හමුවේයි. එස්.එල්.පී.එල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීම
හේතුවෙන් මෙම තරගාවලිය සදහා ඌව නෙක්ස්ට් කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා. මෙම තරගයේ
පළමුව පන්දුවට පහරදුන් උව කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07 ක් දැවී
ලකුණු 150 ක් ලබා ගත්තා. පිලිතුරු ලෙස යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම කඩුළු 05 ක්
පමණක් දැවී ලකුණු 151 ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා. ආරම්භක පිතිකරු
දිල්ෂාන් මුණවීර කඩුළු 03 ක් දවා ගැනීම කැපී පෙනෙනවා. මේ අනුව ඌව නෙක්ස්ට් කණ්ඩායම
තරගාවලිය සදහා ඇතුලත් වීමට මීලග සුදුසුකම් ලැබීමේ තරගය ජය ගත යුතු වනවා. එම තරගය හෙට
පැවැත්වීමට නියමිතව ඇත්තේ ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගො කණ්ඩායම සමගයි.
මේ අතර සියැල්ස්කොට් ස්ටේලියන්ස් කණ්ඩායම පරාජයට
පත් කරමින් කඩුළු 06 ක ජයක් වාර්තා කිරීමට ඔක්ලන්ඩ් කණ්ඩායම ඊයේ සමත්වුණා. මෙම
තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ස්ටේලියන්ස් කණ්ඩායම කඩුළු 09 ක්
දැවී ලබාගත්තේ ලකුණු 130 ක් පමණයි. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔක්ලන්ඩ් කණ්ඩායම
කඩුළු 04 ක් පමණක් දැවී ලකුණු 134 ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා. තරගාවලියේ
තවත් තරග දෙකක් අද පැවැත්වීමට නියමිතයි. තරගාවලිය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේදීයි.









0 comments:
Post a Comment