freehitlanka.com
(2012 ඔක්තෝබර්
මස 10 වැනිදා) තරග පාවාදීමේ චෝදනාවට ලක්ව සිටින මෙරට විනිසුරුවන් තිදෙනා තාවකාලික
තරග තහනමට ලක් කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධණ ඒකකය ලබා
දුන් උපදෙස් මතයි. මෙලෙස තහනමට ලක්ව සිටින්නේ ගාමිණි
දිසානායක , සාගර ගාල්ලගේ සහ මොරිස් වින්සන් යන විනිසුරුවන්. ඔවුන් තරග පාවාදීම
සදහා එකග වූ බව ඉන්දීය මාධ්‍ය ආයතනයක් ඊයේ අනාවරණය කළා. මෙහිදී සාගර ගාල්ලගේ
විනිසුරු සමග කරන ලද ස්කයිප් වීඩියෝ සංවාදයක්ද ඔවුන් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
එහිදී තරගයක තණතීරු වාර්තාව, අවසන් කණ්ඩායම, කාලගුණ
වාර්තාව සහ කාසිය වාසිය දිනා ගන්නා කණ්ඩායම ගනු ලබන තීරණය තරග ආරම්භවය විනාඩි 30
කට පෙර ලබා දිය හැකි බව සදහන්. ඔවුන් මෙලෙස එකග වී ඇත්තේ එස්.එල්.පී.එල්
තරගාවලියේ තරග පාවාදීම සදහායි. මීට අමතරව පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන
තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර වූ පුහුණු තරගය පාවාදීම සදහාද මෙම
විනිසුරුවන් එකග වූ බව ඉන්දීය මාධ්‍ය ආයතනය පවසනවා. කෙසේ වෙතත් මෙම විනිසුරුවන් පවසන්නේ
තමන් නිර්දෝශී බවයි.
ජාතික
විනිසුරු කමිටුව පවසන්නේ හෙට සවස මෙම විනිසුරුවන්
තිදෙනා පිලිබද මූලික පරීක්ෂණය පවත්වන බවයි. ඒ ශ්‍රී
ලංකා ක්‍රිකට් ආයතනයේදීයි. මෙහිදී විනිසුරුවන් තිදෙනාගෙන්ම නිදහසට කරුණ ලබා ගැනීමට
නියමිතයි. අනතුරුව ඔවුන් සම්භන්ධයෙන් ගනු ලබන තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
සමග සාකච්ජා කර ලබා ගනු ඇති. විනිසුරුවන් මෙම චෝදනාවට වරදකරුවන් වුවහොත්
ජීවිතාන්තය දක්වාම තරග තහනමක් පැනවෙනු ඇති. කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන්නේ මෙම
විනිසුරුවන් නිදහස් කිරීම සදහා විනිසුරු කමිටුව කටයුතු
කරමින් ඇති බවයි. ඒ මෙම චෝදනා ඔප්පු වුවහොත් ශ්‍රී ලංකාව අපකීර්තියට
පත්වනවා. මේ හේතුවෙන් එස්.එල්.පී.එල් තරගාවලියේ විශ්වාසනීයභාවය අභියෝගයට ලක්විය
හැකියි. එලෙස සියළු කරුණ සැලකිල්ලට ගෙන වැරදිකරුවන් වුවත් නිවරදිකරුවන් වුවත්
චූදිතයන් නිදහස් කිරීමට සූදානම් වන බවටයි වාර්තා වන්නේ.









0 comments:
Post a Comment