freehitlanka.com
(2012
ඔක්තෝබර් මස 29 වැනිදා) පළමු ආසියානු කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ මූලික
වටයේ අවසන් තරග දෙකෙහි ජයග්‍රහණ වාර්තා කිරීමට තායිලන්තය සහ සත්කාරක චීනය අද
සමත්වුණා. හොංකොං සමග පැවති තරගයේදී පළමුව පන්දුවට පහරදෙමින් තායිලන්තය කඩුළු 09
ක් දැවී ලකුණු 83 ක් ලබා ගත්තා. පිලිතුරු ලෙස හොංකොං කණ්ඩායමට කඩුළු 04 ක් දැවී
ලබා ගත හැකිවූයේ ලකුණු 75 ක් පමණයි. මේ අනුව ලකුණු 08 ක ජයග්‍රහණයක් තායිලන්තය
වාර්තා කළා.
මේ අතර නේපාලය සමග පැවති තරගයේදී සත්කාරක චීනය
ලකුණු 45 ක ජයක් ලබා ගත්තා. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් චීනය කඩුළු 02 ට
ලකුණු 92 ක් රැස් කළා. සින්ග් මේයි ලකුණු 44 යි. පිලිතුරු ලෙස නේපාලය සියළුදෙනා
දැවී ලබා ගත්තේ ලකුණු 47 ක් පමණයි. ඉදිරිපෙළ ක්‍රීඩිකාවන් 05 දෙනාම දුවද්දී
දැවීයාම් වලට හසුවීම විශේෂත්වයක්.
තරගාවලියේ
අවසන් පූර්ව තරග හෙට පැවැත්වීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකාව ඉන්දියාව සමගින් තරග
වදින අතර පකිස්ථානය බංග්ලාදේශය සමග ක්‍රීඩා කිරීමට නියමිතයි.









0 comments:
Post a Comment