2012-10-07

ජනාධිපති මහින්ද රාජපක්ෂ ලෝක කුසලානය කොදෙව්වන්ට පරිත්‍යාග කරයි


freehitlanka.com
(2012 ඔක්තෝබර් මස07 වැනිදා ඉරිදා)පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත්වුණා. ඒ ශ්‍රී ලංකාව ලකුණු 36 කින් පරාජයට පත් කරමිනුයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තීරණය කළා. එහෙත් ඔවුන්ට හොද ආරම්භයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ. ලකුණු 14 ක්ව තිබියදී ආරම්භක පිතිකරු යුගලයම ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකාව සමත්වුණා. එහෙත් විශිෂ්ඨ පිතිකරණයක යෙදුනු මාලන් සැමුවෙල් පන්දු 56 කදී ලකුණු 78 ක් ලබා ගැනීමට සමත්වුණා. පන්දු යැවීමේදී අජන්ත මෙන්ඩිස් ලකුණු 12 කට කඩුළු 04 ක් දවා ගත්තා. ලසිත් මාලිංග පන්දුවාර 04 ක් තුල ලකුණු 54 ක් ලබා දීම මෙපමණ ලකුණු සංඛ්‍යාවකට ඔවුන්ට ගමන්කීරීමට හැකියාව ලබා දුන්නා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 18 යි පන්දු 04 ක් තුල සියළුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 101 ක් පමණයි. නායක මහේල ජයවර්ධන මෙන්ම උප නායක ඇන්ජලෝ මැතිව්ස්ද රිවර් සුවිප් පහරවල් එල්ල කිරීමට උත්සාහ කරමින් අපරික්ෂාකාරී ලෙස ක්‍රීඩා පිටියෙන් ඉවත්වුණා. එමෙන්ම තිසර පෙරේරා සහ ජීවන් මෙන්ඩිස් දුවද්දී දැවීයාම්වලට හසුවුනේ අපරික්ෂාකාරී ලකුණු ලබා ගැනීම් වලට උත්සාහ කිරීමේදීයි. නුවන් කුලසේකර තරගයට ජීවයක් ලබා දුන් එකම පිතිකරුවා බවට පත්වුයේ පන්දු 16 කදී ලකුණු 26 ක් ලබා ගනිමින්. 

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites