2012-10-08

මහේල නායකත්ව කටු ඔටුන්නක් ගලවයි


freehitlanka.com
(2012 ඔක්තෝබර් මස08 වැනිදා සඳුදා) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත්වුණා. ඒ ශ්‍රී ලංකාව ලකුණු 36 කින් පරාජයට පත් කරමින්. කොදෙව්වන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ශූරතාව දිනා ගත්තතේ වසර 33කට පසුවයි. ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක අනුශූරතාව දිනාගත් සිව්වන අවස්ථාව මෙයයි. මීට පෙර 2009 පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ හා 2007 සහ 2011 වසරවල එක්දින ක්‍රිකට් අනුශූරතාවන් මෙලෙස ශ්‍රී ලංකාව දිනා ගෙන තිබෙනවා. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව්වන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06 ක් පමණක් දැවී ලකුණු 137 ක් ලබා ගත්තා. ඊට මාලන් සැමුවෙල් ලබා ගත් ලකුණු 78 ද ඇතුලත්. පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයක ක්‍රීඩකයකු ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර සැමුවෙල්ගේ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වනවා. එමෙන්ම ලසිත් මාලිංගගේ පන්දු 11 කදී ලකුණු 36 ක් රැස් කිරීමට ඔහු සමත්වුණා. එමෙන්ම ඔහුගේ පන්දුවාර 04 තුල කොදෙව්වන් ලකුණු 54 ක් ලබා ගත්තා. එය ලෝක කුසලාන අවසන් තරගයක පන්දු යවන්නකු ලබා දුන් ඉහළම ලකුණු සංඛ්‍යාව වනවා. කෙසේ වෙතත් අජන්ත මෙන්ඩිස් කඩුළු 04 ක් දවා ගැනීමට සමත්වුණා. එය ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයක පන්දු යවන්නකු දැක්වූ ඉහළම දක්ෂතාව වනවා. එමෙන්ම මෙන්ඩිස් තරගාවලිය තුල කඩුළු 15 ක් දවා ගැනීමට සමත්වුණා. එය පන්දු යවන්නකු පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක දැක්වූ ඉහළම දක්ෂතාව වනවා.
ලකුණු 138 ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩාමේ පිතිකරුවන් අපරික්ෂාකාරී පිතිකරණය හමුවේ පරාජය වැලද ගත්තා. මේ අනුව පන්දුවාර 18 කුත් පන්දු 04 ක් තුල සියළුදෙනා දැවී ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 101 ක් පමණයි. මහේල ජයවර්ධන ලකුණු 33 ක් ලබා ගත්තා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නුවන් කුලසේකර එක් හයේ පහරක් සමගින් පන්දු 16 කදී ලකුණු 26 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී සුනිල් නරේන් කඩුළු 03 ක් බිද දැමුවා. තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ මාලන් සැමුවෙල් විසිනුයි. තරගාවලියේ වීරයා සම්මානය ඔස්ට්‍රේලියාවේ ශේන් වොට්සන්ට හිමිවුණා.
තරගයෙන් පසු මාධ්‍ය අමතමින් මහේල ජයවර්ධන කියා සිටියේ තමන් පන්දුවාර 20 නායකත්වයෙන් ඉවත් වන බවයි. මෙය තරගාවලියට පෙර තේරීම් කමිටුව සමග සාකච්ජාකර ලබා ගත් තීරණයක් බවද ඔහු කියා සිටියා. මහේල පසුගිය ජනවාරි මස නායකත්වයට පත්වූයේ තිලකරත්න ඩිල්ෂාන් නායකත්වයෙන් ඉවත්වීමත් සමගයි. මහේල මීට පෙරද නියකත්වයෙන් ඉවත්වූයේ 2009 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ අනුශූරතාව ශ්‍රී ලංකාවට දිනා දීමෙන් පසුව වීම විශේෂත්වයක්. කෙසේ වෙතත් තව නායකයකුට අවස්ථාව ලබා දීම සදහා මෙම ඉවත්වීම සිදු කරන බව මහේල කියා සිටියා. 

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites