freehitlanka.com
(2012
ඔක්තෝබර් මස07 වැනිදා ඉරිදා) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ
අවසන් තරගය මේ වන විට ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර
පැවැත්වෙනවා. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදීයි. මෙම තරගය නැරඹීම සදහා ප්‍රවේශ
පත්‍ර සදහා පැවතියේ විශාල ඉල්ලුමක්. බොහෝ පිරිස් නිදිවරමින් ප්‍රවේශ පත්‍ර ලබා
ගැනීමට අලෙවි කිරීමේ මධ්‍යස්ථානවල රැදී සිටියා. එහෙත් බොහෝ පිරිසකට ප්‍රවේශ පත්‍ර
ලබා ගැනීමට සිදුවූයේ කලු කඩ මගිනුයි. ප්‍රවේශ පත්‍ර මිලදී ගත් ක්‍රිකට් ආයතනය පවා
තම නිලධාරීන් යොදවා කලු කඩ නිර්මාණය කිරීමට පියවර ගෙන තිබීම ඊට ආශිර්වාදයක් වුණා.
කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනය මිලදී ගත් ප්‍රවේශ
පත්‍ර වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින් සදහා පවා ලබා දීමට පියවර ගෙන නැහැ. කණ්ඩායමේ ක්‍රීඩා
කරනු ලබන ක්‍රීඩකයින් පවා ප්‍රවේශ පත්‍ර ලබා ගෙන ඇත්තේ කලු කඩ මගින් බවත් සදහන්.
එමෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ටද ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට අවස්ථාවක් ලබා දී
නැහැ. මේ හේතුවෙන් ඔවුන් සාමාන්‍ය ජනතාව රැදී සිටින ස්ථාන වල පවුල්ලේ උදවියද සමග සිට
නරඹන ආකාරය දක්නට ලැබෙනවා. විශේෂත්වය වන්නේ ඔවුන් ද ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන ඇත්තේ
කලු කඩ වලින් වීමයි. මෙලෙස තරගය නරඹන ක්‍රීඩකයකුගේ ඡායාරූපයක් අප පළ කරනවා. ඒ ක්‍රිකට්
ආයතනයේ ලොක්කන් තමන් රැකී ඇත්තේ ක්‍රීඩකයින් අමතක කර බව පෙන්වාදීම සදහායි. එහෙත්
ක්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන්ගේ නෑදෑයන් සියළුදෙනාම කැටිව විශේෂ කුටි වල සිට
තරග නරඹන ආකාරයද දක්නට ලැබෙනවා. ක්‍රිකට් පවතින්නේ නිලධාරීන් නිසාද නැත්නම් ක්‍රීඩකයින්
නිසාද? අදහස් දැක්වීම ඔබ සතුයි.









0 comments:
Post a Comment