2012-10-10

උප නායක දිනේෂ් චන්දිමාල් ?


freehitlanka.com
(2012 ඔක්තෝබර් මස 10 වැනිදා) පන්දුවාර 20 යි 20 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වට දිනේෂ් චන්දිමාල්ට ලබා දීමට නියමිත බවට පත්වනවා. ඒ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට ලබා දිමටත් සමගයි. චන්දිමාල් පන්දුවාර 20 යි 20 තරග 11 කට ක්‍රීඩා කර තිබෙනවා. එමෙත්ම ඔහු මෙවර ලෝක කුසලාන අවසන් සංචිතයේද සාමාජිකත්වය දරනු ලැබුවා. තේරීම් කමිටු සාමාජිකයකු කියා සිටියේ මේ පිලිබදව මේ වන විට සාකච්ජා පැවැත්වෙන බවයි. එමෙන්ම ඉදිරියේදී පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගවලට නවකයින් වැඩිපුර යොදවා ගැනිම සදහාද යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. මේ අනුව ජේෂ්ඨයින් අවම ලෙස ඇතුලත් කිරීමටයි නියමිතව ඇත්තේ. මේ තුලින් කණ්ඩායමට පිවිසීමට නවකයින්ට අවස්ථාව ලබා දීම බලාපොරොත්තුව වී තිබෙනවා.
 මේ අතර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේද මෙවැනිම වෙනසක් සිදු කිරීමට නියමිත බවට වාර්තා වනවා. ඒ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය විරාට් කෝලිට ලබා දීමටයි. මේ අනුව මහේන්ද්‍ර සිං දෝනි එක්දින සහ ටෙස්ට් නායකත්වයට  පමණක් සීමා වන ඇති. කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවද මෙතෙක් ඒ පිලිබදව අවසන් තීරණයක් ගෙන නැහැ. 

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites