2012-10-08

ලෝක කුසලාන අධ්‍යක්ෂිකාව භාන්ඩ පැන්නීමට ගොස් හසුවේ


freehitlanka.com
(2012 ඔක්තෝබර් මස 08 වැනිදා සඳුදා) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන කාර්යයලාය අක්‍රමිකතා රැසක් සිදු කර ඇතැයි මේ වන විට වාර්තා වනවා. මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් නොමිලේ බෙදීම සදහා ලබා දෙන ලද භන්ඩ අතුරුදන් කිරීම මූලික වනවා. එලෙස මාධ්‍යවේදීන් සදහා එවන ලද කර සහිත ටී ෂර්ට් සහ කැප් තොප්පි තොගය සම්පූර්ණයෙන්ම අතරුදහන් කිරීමට ලෝක කුසලාන කාර්යයාලය අධ්‍යක්ෂකා උපෙකා නෙල් මහත්මිය කටයුතු කළ බවට චෝදනා එල්ල වනවා. මේ හේතුවෙන් මාධ්‍යවේදීන් සදහා හිමිවූයේ බෑගයක් පමණයි. මීට අමතරව ස්වේච්ජා සේවකයින්ට සහ නිලධාරින්ට එවන ලද ඇදුම් තොග පිටින් අතරුදහන් කළ බවටත් සදහන්. ක්‍රිකට් ලෝක කුසලාන කාර්යයාලයේ හිතවත් සේවක සේවිකාවන් හරහා මෙම ජවාරම කරගෙන ගොස් තිබෙනවා.
 කෙසේ වෙතත් ඊයේ ලෝක කුසලාන තරගාවලිය නිමාව දුටුවා. මේ හේතුවෙන් අද ක්‍රිකට් ආයතනයේ හෝ ලෝක කුසලාන කාර්යයාලයේ කිසිදු වගකිව යුතු නිලධාරියක් රාජකාරී සදහා වාර්තා කර සිටියේ නැහැ. එහෙත් ලෝක කුසලාන කාර්යයාලයේ බඩු ඉවත්කිරීම සදහා වෑන් රථයක් පැමිණ තිබෙනවා. එහි රියදුරු සමග ලෝක කුසලාන අධ්‍යක්ෂිකාවගේ හිවත්ම සේවිකාවක්ද පැමිණ ඇතැයි සදහන්. මෙම සේවිකාවගේ නිවසේ ලෝක කුසලාන කාර්යයාලයෙන් අතරුදහන් වූ භාන්ඩ ගබඩා කර ඇතැයි සැලකෙනවා. මෙම නිලධාරිනිය පැමිණ ඇත්තේ තවත් ඉතිරිවී තිබූ ස්වේච්ජා නිලධාරීන්ට සහ වෙනත් අය සදහා නොමිලේ බෙදා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එවා තිබූ භාන්ඩ තොගයක් රැගෙන යාමටයි. ආරක්ෂක අංශ භාන්ඩ රැගෙන යාම සදහා පැමිණි 62-1248 රථය ක්‍රිකට් ආයතනය තුලට ගෙන භාන්ඩ පැටවීමට අවසර ලබා දී තිබෙනවා. එහෙත් භාන්ඩ රැගෙන පිටතට යාමට මෙම වෑන් රථයට ආරක්ෂක නිලධාරීන් අවසර ලබා දී නැහැ. ඒ එලෙස භාන්ඩ රැගෙන යාම සදහා නිල අවසපත්‍ර මෙම වෑන් රථයට නොතිබීමයි. මෙලෙස වෑන් රථය ක්‍රිකට් ආයතනය තුල රදවා ගැනීමත් සමග ලෝක කුසලාන අධ්‍යක්ෂිකා උපෙකා නෙල් ආරක්ෂක අංශයට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා. එහෙත් භාන්ඩ රැගන් වෑන් රථය නිදහස් කළ නොහැකි බවටයි ඔවුන් දැනුම් දී ඇත්තේ. මේ පිලිබදව ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන්ට දැනුම් දුන් විට ඔවුන්ද භාන්ඩ සහිත වෑන් රථය පිටතට යාමට අවසර ලබා නොදෙන ලෙස දැනුම් දී තිබෙනවා. මේ අනුව හෙට පරීක්ෂණයක් පවත්වා අවසන් කර වාහනය නිදහස් කළ හැකි බවට දැනුම් දී ඇතැයිද සදහන්. මෙයත් කෙසෙල් කෑවාක් මෙන් නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු.

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites