2012-10-26

චමින්ද වාස් ශ්‍රී ලංකාවට එරහිවෙයි


freehitlanka.com
(2012 ඔක්තෝබර් මස 26 වැනිදා) හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්ට නවසීලන්ත සහය පන්දු යැවීමේ පුහුණුකරුධූරය ලබාදී තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව සමග ලබන මස 21  වැනිදා සිට ආරම්භවන ටෙස්ට් තරගාවලිය සදහායි. නවසීලන්තය වාස්ට මෙම පුහුණුකරු ධූරය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශගුණය සහ තත්වයන් පිලිබදව මනා අවබෝදයක් තිබීම හේතුවෙනුයි. එමෙන්ම වාස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් හා එක්දින වැඩිම කඩුළු ලබා ගත් දෙවන ක්‍රීඩකයා වනවා. මේ හේතුවෙන් ඔහුගේ අත්දැකීම්ද නවක නවසීලන්ත ක්‍රීඩකයින්ට භාවිතා කිරීමේ අවස්ථාව හිමිවීම තරගාවලියේදී විශේෂ වාසියක් වනු ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය පවසන්නේ. එමෙන්ම නවසීලන්ත පන්දු යැවීමේ පුහුණුකරු ශේන් බොන්ඩ්ටද වාස්ගේ සහය ලබා ගැනීම අනගි අවස්ථාවක් වනු ඇති බවයි ඔවුන් විශ්වාසය පළ කරන්නේ. මෙම පුහුණුකරු සුසංයෝගය හරහා නවසීලන්තයට තරගාවලි ජයග්‍රහණය කිරීමට හැකියාවක් ඇති බවද නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා. සත්කාරක ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 30 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීයි.

2 comments:

සුදුස්සාට සුදුසු තැන

ගන්න අපේ දේ/ සිරිලකදේ සිරිසැපදේ/වගේ දෙවල් කොච්චර කීවත් ලන්කාවෙ ඉන්න මිනිස්සු සුදුස්සට සුදුසු තැන දීල නැහැ.වාස්ට තව ටික කාලයක් සෙල්ලම් කරන්න දුන්නනම් ?

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites