freehitlanka.com
(2012
ඔක්තෝබර් මස 08 වැනිදා සඳුදා) ශ්‍රී ලංකා විනිසුරුවන් තිදෙනෙකුට තරග පාවාදීම් සදහා
කටයුතු කරන බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ ඉන්දීය මාධ්‍ය ආයතනයක් සිදුකළ ගවේශනයක ප්‍රතිපලයක්
ලෙසයි. මෙලෙස චෝදනා එල්ල වී ඇති විනිසුරුවන් වන්නේ ගාමිණි
දිසානායක , සාගර ගාල්ලගේ සහ මොරිස් වින්සන්ටයි. ඉන්දියානු මාධ්‍ය ආයතනය
සාගර ගාල්ලගේ සමග තරග පාවාදීම සදහා කරන ලද වීඩියෝ සාකච්ජාවක්ද අන්තර්ජාලයේ පළ කර
තිබෙනවා. මෙහිදී ඔහු තණතීරු වාර්ථාව, කණ්ඩායම පිලිබදව සහ
කාසිය වාසිය දිනා ගන්නා කණ්ඩායම ගනු ලබන තීරණය තරගයට විනාඩි 30 කට පෙර ලබා දිය
හැකි බවටයි පවසන්නේ. ඒ සදහා ඔහු එක් තරගයකට
රුපියල් 50 , 000 ක මුදලක් ඉල්ලා සිටිනවා. මෙලෙස ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග්
තරගාවලියේ තරග පාවාදීම සදහා හුවුල් විය හැකි බවට ගාල්ලගේ පැවසූ බව ඔවුන්
පෙන්වාදෙනවා. මීට අමතරව පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ
පකිස්ථානය සහ ඉන්දියාව අතර පැවති පුහුණු තරගයේදීද පාවාදීම් සම්බන්දයෙන් කටයුතු කළ
හැකි බවටයි ඔහු පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය ආයතනය පවසන්නේ.
මොරිස්
වින්සන් තරග පාවාදීම් සදහා සම්භන්ධ කර ගත හැකි බව
පවසා ඇත්තේද සාගර ගාල්ලගේ විනිසුරුවා විසින් බව මෙම අනාවරණය සිදු කරමින් පවසා
තිබෙනවා. මීට අමතරව පකිස්ථාන සහ බංග්ලාදේශ විනිසුරුවන්
තිදෙනෙකුද මෙලෙස තරග පාවාදීම් සදහා හවුල්වන බවයි අනාවරණය කර ඇත්තේ. කෙසේ
වෙතත් මේ පිලිබදව මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනය අදහස් පළ කර නැහැ.









0 comments:
Post a Comment