2013-06-14

ෆිෆා නියෝජිතයෝ ක්‍රීඩා ඇමති හමුවට

(2013 ජූනි මස 14 වැනිදා) සුනාමි ව්‍යවසනයෙන් පසු ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ  ව්‍යාපෘතිය යටතේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලබාදුන් රු. කෝටි 50ක මුදලක් වැය කරමින් ඉදිකර තිබෙන ක්‍රීඩාංගණ නියමිත ප්‍රමිතියකින් හා සැලසුම්වලට අදාළව ඉදිකර තිබේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සංවර්ධන ව්‍යාපෘති ප්‍රධානී Cyril Loiselමහතා හා Matthew C. Dolan යන මහත්වරුන්ඊයේ (13) ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමු වී අදාළ පරීක්ෂණ වාර්තාවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළ බව ක්‍රීඩා අමාත්‍යංශය අවධාරණය කරයි.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් සුනාමි ව්‍යවසනය හේතුකොට ගෙන මෙරට පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ක්‍රීඩාංගණ 3ක් හා ගෝල් ව්‍යාපෘති දෙකක් ඉදිකිරීම සඳහා රු. කෝටි 50කට ආසන්න මුදලක් ලබා දී ඇතත් එම මුදල් උපයෝගී කරගෙන ඉදිකර තිබෙන ඉදිකිරීම්වල ප්‍රමිතිය හා එම සමස්ථ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව ජගත් පාපන්දු සම්මේලනය පරීක්ෂණයන් ආරම්භ කර ඇති අතර, අදාළ පරීක්ෂණ කටයුතු සඳහා දිවයිනට පැමිණ සිටින නියෝජිතයින් එම ක්‍රීඩාංගණ සියල්ල පරීක්ෂණයට ලක් කර ඇති අදාළ විමර්ශන වාර්තාව ඉතා කඩිනමින් ජගත් පාපන්දු සම්මේලනය වෙත තමන් ලබා දීමට කටයුතු කරන බව ජගත් පාපන්දු නියෝජිතයින් ක්‍රීඩා ඇමති හමු වී ප්‍රකාශ කළ බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයෙක් වන මනිලාල් ප්‍රනාන්දු මහතාගේ පාලන කාලයේදී සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සොයා බැලීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු උපාලි සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබෙන විමර්ශන කමිටුවේ වර්තමාන ප්‍රගතිය පිළිබඳව මෙහිදී විමසූ ජගත් පාපන්දු නියෝජිතයින් අදාළ විමර්ෂණ වාර්තාව ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබීමෙන්පසු එම වාර්තාවේපිටපතක් ජගත් පාපන්දු සම්මේලනය වෙත ලබා දීමටකටයුතු කරන ලෙස මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළ අතර, එම ඉල්ලීමට ක්‍රීඩා අමාත්‍යවරයා එකඟ වූ බව ක්‍රීඩා  අමාත්‍යංශය පවසයි.
ක්‍රීඩා අමාත්‍යංශයේ මූලිකත්වයෙන් දිවයිනේ පළාත් හා දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳවද ජගත් පාපන්දු නියෝජිතයින් මෙහිදී සාකච්ඡා කළ අතර, ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ සිදුවී ඇති යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ජගත් පාපන්දු නියෝජිතයින්ගේ විශේෂ පැසසුමට ලක්වූ බව පවසන ක්‍රීඩා අමාත්‍යංශය ශ්‍රී ලංකාවේ පාපන්දු සංවර්ධනය කිරීම වෙනුවෙන් ජගත් පාපන්දු සම්මේලනයේ සහයෝගය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබාදෙන බවඑම නියෝජිතයින් මෙහිදී අවධාරණය කළේය.
ක්‍රීඩා අමාත්‍යංශය හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අතර, පාපන්දු ක්‍රීඩාව ග්‍රාමීය මට්ටමින් දියුණු කිරීම පිළිබඳව ගෙනයන ඒකාබද්ධ වැඩපිළිවෙල පිළිබඳව එම නියෝජිතයින්ගේ විශේෂ අවධානයට ලක් වූ අතර, පසුගිය කාලපරිච්ඡේදයේදී දිවයිනේ පාපන්දු ක්‍රීඩා කණ්ඩායම් 2500ක් සම්බන්ධ කරගෙන පැවැත්වූ පාපන්දු තරඟාවලිය මෙන්ම මෙම වසරේ කණ්ඩායම් 5000ක් සම්බන්ධ ශූරතාවලිය පිළිබඳව ජගත් පාපන්දු නියෝජිතයින්ගේ පැසසුමට ලක් වූ අතර, එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් මීට පෙර ශ්‍රී ලංකාව ජගත් පාපන්දු ශ්‍රේණිගත කිරීම් මට්ටමේ හිමිකර ගෙන තිබූ 123 වන ස්ථානය යළි ශ්‍රි ලංකාව හිමිකරගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසූ ජගත් පාපන්දු නියෝජිතයින් පාපන්දු නිලවරණයෙන් ස්වාධීනව පත් වී සිටින හැම නිලධාරී මණ්ඩලයට පරිපාලන බාධාවකින් තොරව පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය පසු ගිය කාල පරිච්ඡේදයෙදී ගත් ක්‍රියාමාර්ගය ගැන සතුටුවන බව මෙහිදි පැවසීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රොද්‍රිගු මහතාද එක්විය.

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites